
(අංජුල මහික වීරරත්න)
2028 ණය ගෙවන්න බැරි වුණොත් රටට සිදුවන බලපෑම් වළක්වා ගන්න අවශ්‍ය සුදුසු ක්‍රියාමාර්ග දැන් සිටම ගත යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.
2027 මාර්තු මාසයේ දී IMF ගිවිසුම් අවසන් වී රටට ලැබෙන්න ඇති විස්තීරණ ණය පහසුකම් පවා නැති වන බවත් 2028 ජනවාරි සිට ඇමරිකා ඩොලර් බිලියන 2.5 සිට 3.5 දක්වා විදේශ ණය ගෙවීමට සිදුවන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
මේ තත්ත්වය තුළ කුමන යම් හෝ මොහොතක ණය ගෙවීම සිදුකළ නොහැකි වුවහොත් රට බරපතල ඛේදවාචකයන් රැසකට මුහුණ දෙන්නට සිදුවන බව කී විපක්ෂ නායකවරයා එවැනි ඛේදනීය අවස්ථාවක් නිර්මාණය වෙන්නට පෙර ඒවා වලක්වා ගන්න අවශ්‍ය සුදුසු ක්‍රියාමාර්ග ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ යුතු බව පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මිනිස්සු රට කරන කාලේ වැඩි පොලියට ණය අරගෙන, කිසිම ආදායමක් උපයන්නේ නැති පුහු ආයෝජන කරලා, එයාර් බස් ගනුදෙනුව වගේ හොර ගනුදෙනු කරලා රට බංකොලොත් කරලා දැන් එනවා උපදෙස් දෙන්න. අඩුම ගානේ, මේ දැන් තියෙන තෙල් මිල, ලෝක යුද තත්වේ නිසා ලෝකෙටම ඇතිවී තියෙන ආර්ථික අර්බුදය හමුවේ රටේ මිනිස්සුන්ට හොඳ උපදෙසක් දෙන්න මොවුන්ට බැරිවුණා.., උත්සාහ කළේම මිනිස්සු අවුස්සන්න...
මරු විපත්ති නායකයා. රටට කෙළවෙනකම් බලාගෙන ඉන්නේ? පක්ෂයවත් හරියට කරගන්න බැරුව තවත් කවර කතාද?
ඔයා හිටියා නම් භාෂා කිහිපයකින් කතා කරලා රටවල් කිහිපයක ධනවතුන්ගෙන් ඉල්ලාගන්න තිබ්බා බිලියන ගාණක්.