(ඩයනා උදයංගනී)
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය අපේ‍්‍රල් මස මන්ත්‍රී වැටුප මහරගම අපේක්ෂා රෝහලට අවශ්‍ය වෛද්‍ය උපකරණ ලබාදීම වෙනුවෙන් ක්‍රියාත්මක ‘ෆයිට් කැන්සර්’ ව්‍යාපෘතිය වෙත අද (17) පරිත්‍යාග කර තිබේ.
තමන් මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් තම මසක වැටුප පරිත්‍යාග කළ බව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සිය ට්විටර් ගිණුමෙහි සඳහන් කර තිබූ අතර එහි රිසිට් පතෙහි ඡායාරූපයක් ද ඔහු පළ කර තිබිණි.
මහරගම අපේක්ෂා රෝහලට පෙට් ස්කෑනර් යන්ත්‍රයක් ලබාගැනීම වෙනුවෙන් වූ ව්‍යාපෘතිය ආරම්භ කළ එම්.එස්.එච් මොහොමඩ් මහතාගේ සභාපතීත්වයෙන් ක්‍රියාත්මක ‘ෆයිට් කැන්සර්’ ව්‍යාපෘතියෙහි අරමුණ වී ඇත්තේ එයට අවශ්‍ය ටොමෝතෙරපි සහ ලීනියර් ඇක්සලරේටර් යන යන්ත්‍ර දෙකක් ලබාගැනීම වන අතර ඒ වෙනුවෙන් රුපියල් බිලියනයක මුදලක් අවශ්‍ය වී තිබේ.
සිය පුතු පිළිකා රෝගයෙන් පීඩා විඳී සමයේ දී මොහොමඩ් මහතා විසින් අපේක්ෂා රෝහලට පෙට් ස්කෑනරයක් ලබාදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරනු ලැබුවේ එම රෝගී පුතුගේ ඉල්ලීමක් අනුවය. ඒ අනුව රෝහලට පෙට් ස්කෑනරය ලබාදෙන විට ඔහුගේ පුතු පිළිකා රෝගයෙන්ම මියගොස් තිබිණි.
වර්තමානයේදී ඔහු ආරම්භ කර ඇති ‘ෆයිට් කැන්සර්’ අරමුදලට දායකවීමට කැමති පරිත්‍යාගශීලීන් වේ නම් එම ආධාර ලංකා බැංකුව, මහරගම ශාඛාවේ ‘මහරගම පිළිකා රෝහල’ නමින් විවෘත කර ඇති 71275069 දරණ ගිණුමට බැර කළ හැක.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් තමයි රහත් වෙන්න පොරකන්නේ ... ඡන්දේ ලං වෙනකොට ... තොණ්ඩු තද වෙනකොට ..
බොහොම ස්තුතියි පරිත්‍යාග කළාට. අනෙක් අයටත් ආදර්ශයක්. නමුත් ඔයිට වඩා මුදල් පරිත්‍යාග කළ අය ඉන්නවා රිසිට් එක ප්‍රසිද්ධ නොකර.
පුංචි බිත්තරයක් දාලා ගමටම ඇහෙන්න කෑගහන කිකිළියන් අපේ ගමේ තාමත් ඉන්නවා.
අපොයි මාසේ පඩිය මොකටද, ස්කෑන් යන්ත්‍රයක්ම අරන් දෙන්න සල්ලි තිබිද්දී ?
පෙට් එකට ලංකාවේ දුප්පත් මනුස්සය ඉදන් උපකාර කළා, වර්තමාන ආර්ථික තත්වය උඩ, සාමාන්‍ය මනුස්සයට මුළු පඩියම දෙන්න බැරි බව සහතිකයි, පුළුවන් විදියට කීයක් හරි දෙන්නම් ආයුබෝවන්ඩ.
අනේ ඉතින් නොකා නොබී පඩියෙන් ඉතිරි කරපු සල්ලිනේ......
දකුණු අතින් දෙන දේ වම් අතට නොකියාම දෙනකොට වඩාත් අගෙයි නේද.
දාපු ගාන බොද කරේ ඇත්තටම දාපු ගාන මාට්ටු වෙන නිසා නේද ! රු 1000ක් දාලා පඩියම දුන්නලූ !
අනේ මහත්තයෝ ඔය ප්‍රසිද්දියේ පින් කරලා පොස්ට් දන්නේ..... ඔයිට වඩා පින් කරපු පුද්ගලයෝ ඉන්නවා ............. ඔය ඡන්දෙ ගන්න තමයි ඉතින් දන්නෝ දනිති....
අනේ මෙතුමා කොහොමද දැන් මේ මාසේ ජීවත් වෙන්නේ?
රාජපක්ෂලාගේ වැඩ ඔහොම තමයි රුපියල් 5ක් දීලා පනස් දාහක ප්‍රචාරයක් දෙනවා, එහෙම නැත්නම් කියවනවා ලංකාවේ මිනිස්සු දැක්කනේ 2015 පෙර තිබුණු ක්‍රමය
හොඳ වැඩක්. මහජන මේ වගේ ක්‍රියා කිරීම තුලින් අනිත් අයවත් උපකාර කිරීම සඳහා පොලඹවන්න පුලුවන්. දිරි ගන්වන්න පුළුවන්.
දුප්පතාගේ මුදල් ඔය විදියට ටික ටික ලැබෙන්න සලස්වන්න.
පැහැදිලි නැති නිසා අහන්නේ ගිණුමක මුදල් තැන්පත් කරනවිට රිසිට් පතේ නම ලියනවිට නමට මුලින් Hon Mr ලියන්නෙ මොකටද ඇත්තටම එහෙම ලියන්න ඕනද
පව්. ලබන මාසේ පඩිය ලැබෙන කල් බඩගින්නේ තමයි ඉන්න වෙන්නේ.
වැටුප් ලැබෙන්නේ යම් සේවයක් කළාම ඔය වැටුප නොවේ පිං පඩිය
කොපමණ විවේචන තිබුනත් රෝගීන් වෙනුවෙන් කල පරිත්‍යාගය අගය කරමි
අද එම්.එස්.එච් මොහොමඩ් මහතාගේ සභාපතීත්වයෙන් ක්‍රියාත්මක ‘ෆයිට් කැන්සර්’ අරමුදල සඳහා දානපතියන් විසින් ලබාදුන් මුදල් පිළිබඳව කිසියම් සටහනක් එම සංවිධානය මඟින් අද නිකුත් කර තිබෙනවා. එහි දක්වා ඇත්තේ "අපි ඉල්ලුවේ රුපියල් 50 යි. නමුත් සමහරු ලක්ෂ 5 ක් පරිත්‍යාග කළා. සමහරු ලක්ෂයක් පරිත්‍යාග කළා. තවත් සමහරු රුපියල් 50,000ක් පරිත්‍යාග කළා." යනුවෙනි. නාමල් රාජපක්ෂ මන්ත්‍රී වරයාගේ වැටුප කීයක්ද කියා මම දන්නේ නැහැ. ඔහු එය මේ අවස්ථාවේදී පරිත්‍යාගයක් වශයෙන් ලබාදුන්නේ මොන අරමුණක් ඇතිවද කියා ඒ සඳහා ලැබෙන ප්රචාරයන්ගෙන්ම පෙනී යන බවනම් කිව යුතුයි. ඔහුගේ පරිත්‍යාගය වැදගත් වගේම අනෙත් අයගේ පරිත්‍යාගයන්ද ඇගයීමකට ලක් කරන්නේ නම් හොඳ බවයි මගේ හැඟීමයි...
පඩියම දන් දීපු එක නෙමේ අපිට දැනගන්න ඕනේ.. දැන් ඉතින් මේ මාසේ ජීවත් වෙන විදිහයි දැනගන්න ඕනේ...
අනේ අනේ , මේවට හිනා යනවා .
අප්‍රසිද්දියේ ඕනෑතරම් මුදල් පරිත්‍යාග කරන පින්වත් දානපතියන් අපේ රටේ ඉන්නවා. දුෂිත දේශපාලුවෝ ගසා කන හැටියට රෝහල් කීයක් හදන්ට තිබුණද?
කෝ ඉතින් ගානක් දාල නැහැනේ. නමයි ගිණුම් අංකයයි විතරනේ රිසිට් එක තියෙන්නේ.පොඩි පඩියක් ලබන මහජන සේවකයෙක් නිසා ගාන දාන්න හිතට මොකක්ද වගේ ඇති.
රුපියල් 5ක් වුණත් කරලා තියෙන වැඩේ නම් හොඳයි.. ඒක අගය කරන්න ඕනේ.. හැබැයි.. අප්‍රේල් පඩිය දැන්මම හම්බෙනවද? තමන්ගෙ නමට මුලින් Hon කියල Mr කියලා දාගන්න කෙනෙක් දැක්කමයි.
ඉංග්‍රීසි පොඩ්ඩක් ඉගෙන ගත්තා නම් හරි වගෙයි...
මුදල් ගෙවූ කුවිතාන්සියේත් "ඔනරබල්" කියල ලියල. හැමෝම දඟලන්නේ "ඔනරබල්" වෙන්න. මෙයාල කාටවත් "ඔනස්ට්" වෙන්න නම් උනන්දුවක් නැහැ.
සෝබන වැඩක් වගේ....