
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පැරණි වරද්දක් වහගන්න කතානායකවරයා ඉදිරිපත් කර ඇති කැබිනට පත්‍රිකාවක් අගමැතිවරිය විසිකර ඇතැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද (17) පැවසීය.
ඒ සම්බන්ධයෙන් අගමැතිවරියට ස්තූතිවන්ත වන බවද ඔහු ප්‍රකාශ කළේය.
මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධරයන් හා සේවා නියුක්තයන්ගේ පාරිශ්‍රමික සහ සේවා කොන්දේසි තීරණය කිරීම පිළිබඳ යෝජනාව විවාදයේදීය.
දයාසිරි ජයසේකර මහතා මෙසේද පැවසීය.
මේ ආණ්ඩුවේ හොරු ගණනාවක් බිහිවෙලා තියෙනවා. කතානායකතුමාටත් චෝදනාවක් ඇවිල්ලා. මේව බරපතළ චෝදනා. අල්ලස් කොමිසමට ඉදිරිපත් කරලා මාස එකහමාරක් වෙනවා. අද වෙනතුරු පරීක්ෂණ ආරම්භ කරලා නැහැ. හැබැයි නියෝජ්‍ය මහ ලේකම්ට විරුද්ධ චෝදනාව විභාග වෙමින් පවතිනවා.
කතානායක තමන්ට එරෙහි චෝදනා ගැන කතා කිරීමට මාධ්‍ය සාකච්ඡා පවත්වල තිබුණා. ඒක වැරදියි. මේ සාකච්ඡාව තිබුණේ පාර්ලිමේන්තුවේ. පාර්ලිමේන්තුවේ සම්පත් අවභාවිතා කරලා තමයි මේක කරලා තියෙන්නේ. ලොක්කද පොඩ්ඩද කියල බලන්න එපා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න කියලා ඉල්ලනවා. මේ සම්බන්ධව වහාම පියවර ගන්න. මෝරාටද හාල්මැස්සටද කියලා දෙවිධියකට බලන්න එපා.
ඒ වගේම තමන් කරපු පැරණි වරද්ද වහගන්න කතානායක අගමැතිනියට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරල තියෙනවා.අගමැතිතුමා ඒක ප්‍රතික්ෂේප කරල. අගමැතිතුමියත් මේකට පටලවා ගන්න තමයි කටයුතු කරලා තියෙන්නේ. අගමැතිතුමිය ඒක බාර නොගැනීම ගැන චෝදනාවට ලක්වුණු අයට පෙනී නොසිටීම ගැන එතුමියට ස්තූතිවන්ත වෙනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd