(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයරත්න හේරත් මහතා ගමන් ගත් ඩිෆෙන්ඩර් ජීප් රථය වාරියපොල දී කුඩා ප්‍රමාණයේ ලොරි රථයක ගැටීමෙන් ලොරි රථයේ රියදුරා සහ එහි සිටි පුද්ගලයන් පස් දෙනකු තුවාල ලබා වාරියපොල රෝහලට ඇතුළත් කර ඇතැයි වාරියපොළ පොලිසිය පවසයි.
මෙම අනතුරෙන් මන්ත්‍රීවරයාට කිසිදුහානියක් සිදුවී නොමැති අතර ඔහු ගමන්ගත් ජීප් රථය පැදවූ හැට හත් හැවිරිදි රියදුරා ද තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
මන්ත්‍රීවරයා ගමන්ගත් ජීප් රථය පදවා ඇත්තේ විශ්‍රාමික පොලිස් සැරයන්වරයෙකි.
පෞද්ගලික බැංකුව ඉදිරිපිට නතර කර තිබූ කුඩා ප්‍රමාණයේ ලොරි රථය එක්වරම මාර්ගයට ගැනීමට යාමේදී මෙම අනතුර සිදුවී ඇති බව පරීක්ෂණවලින් පෙනී ගියේ යැයි එම උසස් පොලිස් නිලධාරියා කීය.
තුවාල ලැබූවන් රෝහල්ගත කිරීමට මන්ත්‍රීවරයාද සහය ලබාදී ඇත.
පසුව මන්ත්‍රීවරයා වෙනත් රථයක් ගෙන්වා ගෙන එහි නැගී පිටත්ව ගොස් ඇතැයි පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
497
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මන්ත්‍රී ජයරත්න හේරත්ගේ වාහනය අනතුරක
පීඩිතයා Wednesday, 03 May 2023 07:36 AM
මුන්ගේ වාහන හැප්පුනත් මාධ්‍ය වල දානවා. ඉතින් රටක් දියුණු වෙයිද ?
ගමේ එකාලා Wednesday, 03 May 2023 01:20 PM
රට විනාශ කරපු දූෂිත දේශපාලුවන්ගේ වාහන හැප්පිලා ඔවුන් සෙත්තපෝච්චි වෙනවා නම් ලොකු දෙයක්...
දාස Wednesday, 03 May 2023 05:09 PM
හොඳම ආරංචිය නම් මංගලලා හම්බවෙන්න ගියා කියන ආරංචියයි...