(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීරට බණ්ඩාරගම කඹුරුගොඩ ප්‍රදේශයේ දී පුද්ගලයකු පහරදීමට තැත් කළ බව පවසමින් ඒ මහතාගේ ආරක්ෂාවට සිටින ඇමති ආරක්ෂක කොට්ඨාසයේ පොලිස් පරීක්ෂකවරයකු පැමිණිල්ලක් කර ඇතැයි බණ්ඩාරගම පොලීසිය කියයි.
බණ්ඩාරගම කඹුරුගොඩ ප්‍රදේශයේ අවමංගල්‍ය නිවසකට ගොස් යතුරු පැදියෙන් පැමිණෙමින් සිටියදී මන්ත්‍රීවරයා සුඛෝපභෝගී ජීප් රථයෙන් පිටුපසින් පැමිණ යතුරු පැදිය නවතා තමන්ට පහර දුන් බව පවසමින් පානදුර දිග්ගල ජාතික නිදහස් පෙරමුණේ හිටපු සංවිධායක විශ්වනාත් අල්විස් යන අය බණ්ඩාරගම පොලිසිය වෙත පැමිණිලි කර තිබිණි
මන්ත්‍රීවරයාගේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන් දෙදෙනා තමන්ගේ අත් දෙකින් අල්ලාගෙන සිටියදී මන්ත්‍රීවරයා සහ තවත් පිරිසක් එක්ව තමන්ට පහර දුන් බවත් අනතුරුව මන්ත්‍රීවරයා පා පහරක් ද තම යටි බඩ ප්‍රදේශයට එල්ල කළ බවත් පවසමින් එම පුද්ගලයා පොලිසියට පැමිණිලි කර තිබිණි.
පහර කෑ බව කියලා පුද්ගලයා පැමිණිල්ල සිදු කරමින් සිටියදී සිහිසුන්ව පොලිසියේ සුළු පැමිණිලි අංශය තුල ඇද වැටීම හේතුවෙන් පොලිස් නිලධාරීන් සහ ඔහු සමඟ පැමිණි පුද්ගලයන් එක්ව මූලික ප්‍රතිකාර ලබා දී 1990 සුවසැරිය ගිලන් රථයෙන් රෝහල්ගත කර තිබිණි.
පැමිණිලි සිදුකල දෙපාර්ශවයම එකම දිනක පොලිසිය වෙත කැඳවා පැමිණිල්ල විභාග කරන බවත් බණ්ඩාරගම පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නොසණ්ඩාල වැඩ කරලා ඇති... මිනිස්සු නිකන් තැත්කරයිද ආයුබෝවන්...
මේ මන්ත්‍රීට වඩා නොසණ්ඩාලයින් තමයි මේ පොලිස් නිලධාරීන්... තමුන්ගේ රැකියාවේ ගරුත්වය තියාගන්න දන්නේ නැති දෙන්නෙක්.. මෙහෙම අය නිසා තමයි අද පොලීසිය, මන්ත්‍රීලා ගණන් ගන්නේ නැත්තේ...
ඔන්න හොරාට ඉස්සෙල්ලා කෙහෙල් කැන පැනලා තියන්නෙ, කැත වැඩනෙ ජයන්ත මහත්තයා , මොනවා උනත් ඌ ඔබතුමා වෙනුවෙන් ,ඔබතුමා දිනවන්න කැප වෙලා වැඩ කල එකෙක්නෙ. ඔය වගේ බාල වැඩ කරන්න එපා. කැතයි, කුජීතයි, නින්දිතයි.