IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


මන්ත්‍රී අමිල පාර්ලිමේන්තු කුස්සිය නිරීක්‍ෂණය කරයි

(අංජුල මහික වීරරත්න)

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමිල ප්‍රසාද් මහතා පාර්ලිමේන්තුවේ මුළුතැන්ගෙය නිරීක්‍ෂණය කරන්නට ගොස් තිබේ.

පාර්ලිමේන්තු කුස්සිය අපිරිසිදු වී ඇති බවත් මීයන් ගැවසෙන බවත් කථානායකවරයා කළ ප්‍රකාශය පිළිබඳ සොයා බැලීම සඳහා මෙම නිරීක්‍ෂණය කළ බව අමිල ප්‍රසාද් මහතා කීය.

එහි ගබඩා කාමර වීදුරු සහ දැල් යොදා සකස් කර ඇති අතර, කාර්ය මණ්ඩලය පිරිසිදුභාවය ආරක්ෂා කිරීමට නිරන්තරයෙන් කටයුතු කරන බවත් කථානායකවරයා කියන ආකාරයේ අපිරිසිදුවක් නැති බවත් අමිල  ප්‍රසාද් මහතා  සඳහන් කරයි.

පාර්ලිමේන්තු මුළුතැන් ගේ උඳුන් 7න් 6ක් අක්‍රීය වන අතර, උපකරණ අබලන්ව පවතින්නේ යැයි ද  ශීතාගාරය අලුත්වැඩියා කළ යුතු තත්ත්වයක ඇතැයි ද  අමිල ප්‍රසාද්  මහතා සිය නිරීක්‍ෂණයෙන් පසුව සඳහන් කරයි.

එහි පිටාර පංකා (Exhaust Fans) අක්‍රීය වී තිබීම, ටයිල් පළුඳු වී තිබීම සහ නාන කාමර ද අබලන් තත්ත්වයේ  පවතින බව ද නිරීක්ෂණ වූ බව මන්ත්‍රීවරයා කියයි.



අදහස් (13)

මන්ත්‍රී අමිල පාර්ලිමේන්තු කුස්සිය නිරීක්‍ෂණය කරයි

බකල ජයා Thursday, 25 September 2025 06:11 PM

පොටෝ ගන්න ආරංචියට මීයො ටික හැංගිලා. මෙතැන මොකක්හරි කැරපොතු කුමන්ත්‍රණයක් තියෙනවා. PHI ලා එනවාට විරුද්ධ කුමන්ත්‍රණයක්...

:       5       40

පොඩිඑකා Thursday, 25 September 2025 06:22 PM

මීයො හිටියා නම් ඉස්සරහට ඇවිත් “හායි අමිල” කියලා කියන්න එපැයි, නේද මන්ත්‍රී තුමා...

:       0       3

ලූට මූස් Thursday, 25 September 2025 06:23 PM

ඌරාට ඌරු කොටුව අපිරිසිදු තැනක් නොවේ.

:       6       28

Perakum LiyanagamaFriday, 26 September 2025 07:16 AM

මෙන්න තවත් ඌරෙක් එනවලු ඌරු කොටුව බලන්න.

:       3       10

ජිල්බු Friday, 26 September 2025 11:16 AM

ඒ උනාට කුස්සි අමිල ඕක හදල ගනී.

:       0       2

එක්සත් නිදහස් කුස්සි මී සමිතිය Thursday, 25 September 2025 06:28 PM

මීයො ලැජ්ජාවට හැංගිලා. නැත්තං මෙයා එන අප්පිරියාවට හැංගුනා වෙන්නත් පුළුවන්.

:       7       30

ravin Thursday, 25 September 2025 06:31 PM

පහුගිය සතියේ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා නිර්දේශයන් නිකුත් කළ බව මාධ්‍ය තුළින් දැක්කා.

:       0       2

Nandana Thursday, 25 September 2025 07:18 PM

ෂෝ එපා මල්ලි...

:       9       29

Nandalal DE SILVA - France Thursday, 25 September 2025 10:18 PM

මෙ මිනිහට, උත්තරීතර ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කුස්සිය හෙවත් මුළුතැන්ගෙය තබා කක්කුස්සියක්වත් පරීක්ෂා කිරීමට අනුමැතිය දුන්නේ කවුද ? කථානායකවරයාගෙ අවසරය ලැබුණේ නැත්නම් ඔහුගේ "පරීක්ෂණ වාර්තාව", පාර්ලිමේන්තු ටොයිලට්වල, ටොයිලට් පෙපර් හිගයක් ආවොත් පාවිච්චි කිරීමට පුළුවන් බව එයාට සිහිපත් කර දෙන්න... ජයවේවා!

:       4       8

Naleen Thursday, 25 September 2025 11:56 PM

වැඩේ හෙළි උනාට පස්සේ ගිහින් බැලුවට හොර වැඩ අල්ලන්න පුළුවන් ද ? ලෝකෙට පේන්න රඟපානවට වඩා සියලු දෙනා එකතු වෙලා ගැටලුවට පිළියම් සෙව්වොත් හොද නැද්ද

:       3       7

යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Friday, 26 September 2025 08:36 AM

ජීවිත කාලයම ජරාව කාපු එවුන්ට ඕක මොකක්ද? බැරිද ඔය ජරාව කාපු එවුන්ට පොලිස් කොත්තුවක් දාල දෙන්න සෑම පාර්ලිමේන්තු දවසෙම

:       2       9

අරවින්ද මොණරවිල Friday, 26 September 2025 11:39 AM

නොදන්නා රෙද්දවල් ගැන කතා නොකර හිටියා නම් හරි, මේවගේ මිහරක් පාර්ලිමේන්තුවට යවපු එවුන්ට අබ සරණයි!

:       1       7

Asanga Saturday, 27 September 2025 10:27 AM

ජෙප්පො තමයි කැරපොත්තෝ, මීයො දැන් ඔකුන් පාර්ලිමේන්තු ආවාට පස්සේ තමා ඔය සේරම...

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 790 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 584 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site