
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
සිමාසහිත ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගමේ එකම දේපළක් රාජ්‍ය බැංකු දෙකකට ඇපයට තබා රුපියල් කෝටි 700 ක ණය මුදලක් ලබාගෙන ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී ( කෝප් කමිටුව) තොරතුරු හෙළිවී ඇත.
මේ පිළිබඳ තොරතුරු හෙළිවූයේ ලංකා බැංකුවේ 2018, 2019 මුදල් වර්ෂ සඳහා වූ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පිළිබඳ සාකච්ඡා කිරීමට එහි ප්‍රධානීන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට ඊයේ(24) කැඳවූ අවස්ථාවේදීය.
පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය චරිත හේරත් මහතාගේ සභාපතිත්වයෙන් එම කාරක සභාව පාර්ලිමේන්තුවේදී ඊයේ පෙරවරුවේ රැස්විය.
ඉහළම අක්‍රීය ණය ශේෂ සහිත සමාගම් කිහිපයක් පිළිබඳ සාකච්ඡා කෙරුණු අතර එම සාකච්ඡාවේදී සිමාසහිත ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගම පිළිබඳව විශේෂ අවධානය යොමුවිය.
මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්දී පරීක්ෂණයක් කළ යුතු බව සාමාජික මන්ත්‍රීවරු පෙන්වා දුන්හ.
මේ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කිරීමේ අවශ්‍යතාව කෝප් කමිටු සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
මේ අනුව ඉදිරියේදී අදාළ බැංකු දෙකම කෝප් කමිටුවට කැඳවා මේ පිළිබඳ වාර්තාවක් සකස්කර එම වාර්තාවද සමගින් මෙම කරුණ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව කෝප් කමිටු සභාපතිවරයා සඳහන් කළේය.
එසේම 2020 වර්ශයේදී අධ්‍යක්ෂ මණ්ඩල තීරණයකට අනුව බැංකුව විසින් පූර්ව පරිණත විශ්‍රාම ප්‍රතිලාභ ලෙස හිටපු සාමාන්‍යාධිකාරීට කරන ලද රු. 32,039,733 ක මතභේදයට තුඩුදෙන ගෙවීමක් සම්බන්ධයෙන්ද කෝප් කමිටුවේදී සාකච්ඡා කෙරිණ.
මෙහිදී අදහස් දැක්වූ ලංකා බැංකුවේ සභාපතිවරයා මෙම සාමාන්‍යාධිකාරීවරයාගේ පූර්ව පරිණත විශ්‍රාම යාමට කටයුතු කිරීම සම්බන්ධයෙන් වෘත්තීය සමිතිය වැඩවර්ජනයක් පැවැත්වූ බවත් වැඩවර්ජනය හේතුවෙන් දිනකට රුපියල් කෝටි 7කට වැඩි පාඩුවක් සිදු වූ බව පැවසීය.
මේ නිසා එම වැඩවර්ජනය ඉක්මනින් අවසන් කිරීමේ අරමුණෙන් මෙම තීරණය ගන්නට සිදු වූ බවයි.
මේ පිළිබඳ විෂය භාර අමාත්‍යවරයා දැනුවත් කළ බවද බැංකුවට එක් දිනකදී සිදුවූ පාඩුව දින කිහිපයක් සිදුවිය හැකි නිසා මෙම තීරණය ගෙන ඇති බවද ලංකා බැංකුවේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
තවද රජය සතු ව්‍යවසායන්ට අයත් ණය සහ අත්තිකාරම්වල මුළු හිග ශේෂය පිළිබඳවද කෝප් කමිටුවේදී සාකච්ඡා විය.
මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේ ණය අයකරගැනීමට අපහසු රජයේ ව්‍යවසාය වෙනුවෙන් ණය ලබාදීම නුසුදුසු බවයි.
එසේම අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ සේවාවන් ලබාගැනීම සඳහා ලංකා බැකුව සතු හැකියාව සහ ඉදිරි පියවර පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.
මෙම කාරක සභා රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ, රවුෆ් හකීම්, පාඨලී චම්පික රණවක, ඉරාන් වික්‍රමරත්න, (ආචාර්ය) හර්ෂ ද සිල්වා, (ආචාර්ය) සරත් වීරසේකර,ජගත් පුෂ්පකුමාර, (ආචාර්ය) නාලක ගොඩහේවා සහ ගරු එස්. එම්. මරික්කාර් යන මහත්වරුද සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොරෝනා කාලේ ණය අපේ ණයවාරික ගෙවාගන්න බැරි වෙද්දී මේ බැංකුවල මහත්වරුන්ගේ තිබ්බ මොලේ මෙන්ඩිස්ලා ණය ගද්දී තිබිලා නෑ වගේ...
මරීක්කාර් විතරක් ගරු වෙන්නේ කොහොමද? අනිත් හැමෝම නිකම්ම නිකං, මරික්කාර් තමයි ගරු නේද? පෙලපත් නාමය ද ගරු? අප්පගෙ නම ගරුද?
බැංකු ටික ඇපේට තියලා මහබැංකුව සුද්ද කරපු කෙනාට, ආයෙත් බිලියන 7ක් දීලා ඒකත් ගන්න බැහැ... ලෝන් දීපු බැංකුවේ නිලධාරින්ට තියෙන්නේ දැන් ගඟට පනින්න. අපේ මාසයක් ඉන්ස්ටෝල්මන්ට් ගෙවන්න බැරිවුණොත් බැංකුවෙන් කතා කරනවා. ලීසිං නම් වාහනෙත් උස්සගෙන යනවා. මේ රට කන්න මේ බැංකුවල ඉන්න කම්බ හොරුත් ලොකු දායකත්වයක් දුන්නා..
බලාගෙන! කකුල් දෙක දෙපැත්තේ තියාගෙන තීරණ ගන්න පුළුවන්...!
හරි ෂෝක් අප්පා... පහුගිය කාලේ නෝනා කෙනෙක් වගකීම ගත්තනේ මෙන්ඩිස් එක එයාගේ කියලා. ඒ නෝනද මෙහෙම කරලා තියෙන්නේ එතකොට..?
වාසනාවට මෙම සමාගමට රැකවරණය ලැබෙන මුදල් ඇමති කෙනෙක් පත්වුණා.
මේ වැඩේ කරන්න අනිවාර්යයෙන්ම කූට ලේඛන ඉදිරිපත් කරන්න වෙනවා. මේක වරදක් නොවේද? අධ්‍යක්ෂක මණ්ඩලය අත්අඩංගුවට අරන් නඩු නොපවරගන්නේ මන්ද? නිතිය ක්‍රියාත්මක වන්නේ පොඩි මනුස්සයාට පමණද?
මේ ඔක්කොම හොරු... මොන ගරුද?