(ඩයනා උදයංගනී)
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති ‘මැන්ඩවුස්’ සුළි කුණාටුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 16කට බලපෑම් එල්ල වූ අතර ඇති වූ තද සුළං සහ ගස් කඩා වැටීම් ආදිය හේතුවෙන් නිවාස 5,640 කට හානි සිදුව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. මින් නිවාස 5ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.
බදුල්ල, මොනරාගල, නුවරඑළිය, අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය, රත්නපුර, කෑගල්ල, යාපනය, මුලතිව්, වව්නියාව, කිලිනොච්චිය, මන්නාරම, හම්බන්තොට, අනුරාධපුර සහ පුත්තලම යන දිස්ත්‍රික්කයන්ට මෙම බලපෑම එල්ල වූ අතර, ඉන් පවුල් 1,113කට අයත් 21,644 දෙනකු පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ (මාධ්‍ය) ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.
මෙම සුළිකුණාටුවේ බලපෑමෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට බලපෑම් එල්ල වූ අතර, තද සුළං, වැසි හා රාත්‍රියේ අධික ශීතලක් ද පැවතිණි.
ගස් කඩාවැටීම් ආදියෙන් මරණ තුනක් සිදුව ඇති අතර, 19 දෙනකු තුවාල ලබා ඇතැයි ද කොඩිප්පිලි මහතා කීවේය.
මින් වැඩිම බලපෑමක් එල්ලවූයේ ඌව පළාතට වන අතර, එම පළාතේ නිවාස 2,806කට හානි සිදුව පවුල් 2,874 කට අයත් පුද්ගලයන් 10,042 දෙනකු පීඩාවට පත්ව සිටිති.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
‘මැන්ඩවුස්’ සුළි කුණාටුවෙන් නිවාස 5640කට හානි