IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


‘මැන්ඩවුස්’ බලපෑම ක්‍රමයෙන් පහළට

(ඩයනා උදයංගනී)

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති ‘මැන්ඩවුස්’ සුළි කුණාටුවේ බලපෑම අදින් (10) පසු මෙරටින් ක්‍රමයෙන් පහව යනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පැවසීය.

මෙම සුළි කුණාටුව අද (10) අළුයම් කාලයේ දී උතුරු තමිල්නාඩු, පුදුචෙරි සහ දකුණු ආන්ද්‍ර ප්‍රදේශ් වෙරළ තීරය හරහා ගමන් කර ඇත. එය ක්‍රමයෙන් දුර්වල වන බවද ඔහු කීය.

එසේ වුවත් අද (10) දිනයේදීත් බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වල ද වැසි වාර කිහිපයක් ඇතිවන බව කරුණානායක මහතා කීවේය.

එමෙන්ම උතුරු, උතුරුමැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල විටින් විට පැයට කිලෝමීටර 50, 60 පමණ වේගවත් තද සුළං ඇතිවන බව ද ඔහු ප්‍රකාශ කළේය.

මෙම වැසි හා සුළං තත්වය මෙන්ම පවතින දැඩි ශීත කාලගුණය ද අදින් පසු ක්‍රමයෙන් පහව ගියත් සාමාන්‍යයෙන් දෙසැම්බර් මාසයේ දී පවතින සීතල ඉදිරි දිනවලදීත් පවතිනු ඇතැයි අධ්‍යක්‍ෂ ජනරාල්වරයා කීවේය.

මෙම සුළි කුණාටුව හේතුවෙන් දිවයිනට උතුරු හා නැගෙනහිර දෙසින් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වන බැවින් කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල යාත්‍රා කිරීමේදී විමසිලිමත් වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවට දැනුම්දීමක් කරයි.

 



අදහස් (0)

‘මැන්ඩවුස්’ බලපෑම ක්‍රමයෙන් පහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 785 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 578 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 462 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site