(ෂේන් සෙනෙවිරත්න)
මහනුවර ජාතික රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍යවරයෙකුට පහර දුන් බව කියන බීමත් අයියා මලෝ දෙදෙනෙකු මහනුවර මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
එසේ පහර කෑමට ලක්ව ඇත්තේ මහනුවර ජාතික රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය කල්‍යාණ තිස්ස නමැති වෛද්‍ය වරයකු වනඅතර ඔහු මුහුණේ තුවාල සහිතව මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය කියයි.
එම විශේෂඥ වෛද්‍යවරයා ඊයේ (26) රාත්‍රියේ රාජකාරි නිමවා රෝහල් පරිශ්‍රයේ විලියම් ගොපල්ලව මාවතේ පිටවීමේ දොරටුව අසලදී එසේ පහර කෑමට ලක්ව ඇති බව පොලිසිය කියයි.
වෛද්‍යවරයා එම ස්ථානයෙන් ගමන් කරන විට රෝහල් ආරක්ෂක අංශ සමග ත්‍රී රෝද රථ රියදුරෙකු කිසියම් ආරවුලක් ඇති කරගෙන සිට ඇති අතර එම අවස්ථාවේදී වෛද්‍යවරයා පහර කෑමට ලක්ව ඇති බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගතහැකි පාඩම: බීමතුන්ට මනෝ උපදේශන දීම විවේකීව සිටීමට මගකි.
මනෝ වෛද්‍යවරයෙක් හමුවෙන්න එන්නේ මානසික අසනීප අය. ඒ අය එක්ක ගණුදෙනු කරනකොට පරෙස්සමින් කටයුතු කරන්න වෙයි. ඒ මිනිස්සු මොනවා කෙරුවත් නීතියෙන් යම් සහනයක් තියෙනවා අසනීපය නිසා.