
(රෝෂන් තුෂාර)
මිනීමැරීමට තැත් කළේ යැයි චෝදනා ලැබ සිටි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු යැයි ප්‍රකට හරක් කටා නොහොත් නදුන් චින්තක අදාළ චෝදනාවෙන් මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉළංඟසිංහ මහතා අද (29) නියෝග කළේය.
සැකකරුට එරෙහිව අධි චෝදනාවක් ගොනු කිරීමට තරම් ප්‍රමාණවත් සාක්කි නොමැති බවට තීරණය කරමින් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය කළ අතර පැමිණිල්ලේ දෙවැනි සැකකරු ලෙස නම්කර අධිකරණය මගහැර සිටින ටිරාන් ක්‍රිෂාන්ත නොහොත් මංජු යන අයට එරෙහිව මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කරන ලෙසට නියෝග කළේය.
නදුන් චින්තකය ඇතුළු තිදෙනෙකුට එරෙහිව කොළඹ අපරාධ කොට්ඨාසය පැවරූ පැමිණිල්ලේ ලඝුනොවන නඩු විභාගයේ සාක්ෂි කැඳවීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා එසේ නියෝග කළේය.
වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට දී 2016 මාර්තු මස 05 වැනි දින කාන්තාවකට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කර මිනිස් ඝාතනයත් කිරීමට සිදුකිරීමට තැත් කිරීමට එරෙහිව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණි.
පැමිණිල්ලේ සැකකරුවන් ලෙස නදුන් චින්තක. ,ටිරාන් ක්‍රිෂාන්ත නොහොත් මංජු සහ ජෝසප් කුමාර යන අය නම්කර ඇතිි අතර ජෝසප් කුමාරය යන සැකකරු පැමිණිල්ල විභාගය අතරතුර පොලිස් අත්අඩංගුවේ සිටියදී මිය ගොස් ඇත.
2025 නොවැම්බර් මස 17
26
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
874
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2507
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
මිනී මැරීමට තැත් කළ චෝදනාවෙන් හරක් කටා මුදාහරියි