

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
මනුෂ්‍ය ඝාතන සහ නීති විරෝධී මත්ද්‍රව්‍ය ක්‍රියාකාරකම් වේගයෙන් වර්ධනය වී තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"මේ වසරේ පමණක් වෙඩි තැබීමේ සිද්ධි 101ක් සහ මරණ හැටක් වාර්තා වී තිබෙනවා.එමෙන්ම විදෙස් ගමන් බලපත්‍ර ගැටලුව තවත් බරපතල ප්‍රශ්නයක් බවට පත්ව තිබෙනවා.මේ ගැටලුවට විසඳුමක් ලබා දෙන්න රජය අපොහොසත් තිබෙනවා.ඇස් දෙකට පේන පෝලිම වෙනුවට ඔන්ලයින් පෝලිමක් නිර්මාණය වී තිබෙනවා.වරායේ බහාලුම් නිෂ්කාශනය වේගවත් නොකිරීම නිසා නැව් විශාල සංඛ්‍යාවක් කොළඹ වරාය මගහැර ගොස් තිබෙනවා.එමෙන්ම වැඩිහිටි ගිණුම් සඳහා වන සියයට 15ක පොලී අනුපාත වාසිය ඒ ජනතාවට අහිමි වී තිබෙනවා. එමෙන්ම රඳවා ගැනීමේ බද්ධ සියයට පහේ සිට 10 දක්වා වැඩි කර තිබෙනවා.මේ ප්‍රශ්න වලට පැහැදිලි විසඳුමක් ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටිනවා යනුවෙන්ද සජිත් ප්‍රේමදාස මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විකාර දොඩවන්නේ නැති අර මනුස්සයාගේ කෝටි පනහ දීලා දාන්න හලෝ...!
මේ තත්ත්වයට නම් වග කියන්න ඕනෑ. පොලිස්පති තුමාට නීතියෙන් ලෙඩක් ඇදලා එතුමාගේ වැඩ සටහන සම්පූර්ණයෙන්ම අඩපණ කරපු එක්තරා කෙනෙක්. දැන් එයාට සැපට නින්ද යනවා ඇති...
මේ මිනිහා අඩු නින්දෙන් අවදිවෙලාද?
වැරැදි පෙන්නලා දීපු එකට බොහෝම ස්තුතියි.
හා හා ඇති ඇති! දැන් ඔබතුමා ගිහින් වැඩක් බලාගන්න.
ඔබතුමා සඳහන් කරපු පලවෙනි කාරනේ තාම පියතුමාගේ කාලේ තරම් වැඩිවෙලා නෑ.
මටනම් යන්තමට වගේ මතකයි කවුද කෙනෙක් පුරසාරම් දෙඩුවා කුඩු ගෙන්නන අය දන්නවා කියලා පොඩ්ඩක් හොයලා බැලුවා නම්..
මේවා අද ඊයේ පටන් ගත්තුවා නෙවෙයි .හිටපු දුශිත පවුල් පාලන ආණ්ඩුව කාලේ පෝෂණය කෙරුවේ..කුඩු අගමැති,කුඩු ලන්සා,කුඩූ ජොනී කිව්වේ නිකම්ද ? සුදුවෑන් ඝාතන, අතුරුදහන්, මිනිමරු කැළෑ නීතිය රජ කරවපු හැටි දන්නේ නැතුව ඇති.
මේවායේ ආරම්භය ඔයාගේ තාත්තාගේ කාලයටත් යනවා
මේ අපරාධ රැල්ල හැම රජයක් කාලෙම තිබුණා. ඔයා කලබල වෙන්නේ නැතිව ඉන්න.
තාත්තා කියලා දීලා ඇති නේද? පාතාලය කුඩු ගැන එහෙම.. ආරම්භ සාමාජිකයින්..!
කොටින්ට ගහන්න ආයුධ දුන්නෙත් කවුද? මාධ්‍යවේදියකුත් පැහැරගෙන ගොස් මරා දාපු හැටි රටම දන්නවා.
යුක්තිය මෙහෙයුම කරනකොට ඒකට විරුද්දව උසාවි ගිය අය තමයි අද මේ ආණ්ඩුව කරන්නේ. කුඩු සලිඳුලට, පොඩි ලැසීලට, හරක් කටාලට ඇප ලැබෙනකොට ඔප්පු උනා දෙගොල්ලෝ අතරේ තිබුණු සහ සංයෝගය. බිලියන ගාණක් මාලිමාවේ චන්ද ප්රචාරෙට සල්ලි ආවේ කොහොමද? දැන් කන්ටේනර් පරීක්ෂා නොකරම පිට වෙන්නේ ආණ්ඩුවේම අනුහසින්. ඔහොම යං.