
( රංජිත් රාජපක්ෂ )
රටේ මොන තරම් ප්‍රශ්න තිබුණද එළඹෙන අප්‍රේල් මස නුවරඑලිය වසන්ත උදානය අප්‍රේල් (01) දින සිට ආරම්භ කරන බව වනජිවි සහ වන සංරක්ෂණ අමාත්‍ය සි.බි.රත්නායන මහතා පැවසිය.
අමාත්‍යවරයා ඒ බැව් කියා සිටියේ නුවරඑලිය ක්‍රිකට් සංගමය දෙවන වරට මෙහෙය වන නුවරඑලිය ප්‍රිමියර් ලිග් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක උත්සවය අද(17) දින නුවරඑලිය බ්ලැක්ෆෘල් හෝටලේ පැවති අවස්තාවේදිය.
නුවරඑලිය ක්‍රිකට් සංගමයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරනු ලබන්නේ අමාත්‍ය සි.බි.රත්නායක මහතා වන අතර , එම තරගාවලිය නානුඔය රදැල්ල ක්‍රිඩාංගණයේදි ඊයේ (18) දින සිට පැවැත්වෙයි.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු අමාත්‍ය සි.බි.රත්නායක මහතා කියා සිටියේ නුවරඑලිය වසන්ත උදානය සමයේ සැණකෙළි ගණනාවක් පැවැත්වෙන බවත්, ඒ සදහා දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට විශාල සංචාරකයන් පිරිසක් නුවරඑලිය පැමිණෙන බැවින් එම අයගේ ආරක්ෂාව උදෙසා පොලිසියට විශේෂ කාර්ය භාරයක් ඉටු කිරිමට ඇති බවයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාට දැන්ද වසන්ත උදානය ඇවිත් තියෙන්නේ?
ප්‍රශ්න ඉතින් ඉවර වෙන දේවල් නෙවෙයි. කැමැති අයට ගිහින් සිත, කය සැහැල්ලු කරගන්න මොනවා හරි තියෙන්න ඕනෑ. අවුරුදු දෙකක් තිස්සේ හිරවෙලා ඉන්නේ...!
අප්‍රේල් 01වැනිදා මෝඩයින්ගේ දවසනේ... ඔව් අපේ රටේ වැඩක් පටන් ගන්නවා නම් කියපු දවස...!
මොනවද මේ මෝඩ කතා... මොන ප්‍රශ්න ආවත් කියන්නේ හරියට රුසියාවට ගහන්න යනවා වගේනේ...
කසා ගන්න නියපොත්තක් වත් නැතිව ඉන්න හිඟන ජාතිය.. ඒ වුණාට උජාරුව පෙන්වන්න නම් හරිම දක්ෂයි. ඇත්තටම ලජ්ජා නැද්ද? ලෝකෙන් හිඟා කාලා මේ රටේ මෝඩයින්ව අන්දන්න මේ වගේ සංදර්ශන පවත්වන්න.
ගියවර ඕක තියලා මතකද රට පුරාම කොවිඩ් බෝකිරීම මගින් ජීවිත දහස් ගණනක් විනාශ කළා. දැන් මේ කන්න බොන්න, අත්‍යාවශ්‍ය කරුණකටවත් ඉන්ධන නැති, බෙහෙත් නැති,.. වෙලාවේ මොන වසන්තයක්ද? ගොන් ආතල් නවත්තලා පෝර ටිකක්වත් නුවරඑළිය ගොවීන්ට ලබාදිය යුතුයි.
මෙහෙම අය ඉන්නකන් රටක් හදන්න පුළුවන්ද?