
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් මොන තරාතිරමක හිටියත් අත්අඩංගුවට ගන්නා බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
පාස්කු ප්‍රහාරය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදයට එක්වෙමින් ප්‍රේමදාස මහතා මේ බව කීය.
"පාස්කු විමර්ශන රජය පරීක්ෂා කරන තත්ත්වයක් දක්වා පැමිණ ඇති බවත් එය අසීරු වුවත් ඉටුකරන බවත් ජනාධිපති එදා කාදිනල් තුමාගේ උත්සවයේදී පැවසුවා පැවසුවා.
එය විකෘති කරමින් අද කරුණු ප්‍රකාශයට පත්වීම යුක්ති සහගත නැහැ.පාස්කු විමර්ශන වාර්තාව ඉදිරියේදී විමර්ශනය සඳහා රහස් පොලිසියට බාර දෙන්නත් අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ සභාගත කරන්නත් සූදානම්.පාස්කු ප්‍රහාරය ගැන විධිමත් විමර්ශනයක් කරන බව අපේ ජනපතිවරණ ප්‍රකාශයේද සඳහන් කර තිබුණා.ඒ ආකාරයෙන්ම අප මේ වන විට විධිමත් විමර්ශන ආරම්භ කර තිබෙනවා යනුවෙන්ද අමාත්‍යවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිකන් බයිලා ගහගහ ඉන්නේ නැතිව අත් අඩංගුවට ගන්න...
හා.. අල්ලන්නේ දවල් ද දන් නෑ.. හොඳම කයිතන් කෙනෙක්...
මොන තරාතිරමක අයකු වුණත් අත්අඩංගුවට ගන්නවා. ජෙප්පෙක් නොවෙන තාක්...
ත්‍රස්තවාදීන් ප්‍රහාරයට කලින් තමන්ගේ දේපළ ලිව්වා වෙනත් අයෙකුට. ඒ තැනැත්තා ආණ්ඩුවේ ආධාර කාරයෙක්ලු. ඉතින් ඒ දේපල රජයට පවරාගෙන වන්දියක් ලෙස වින්දිතයින්ට දිය යුතුයි..
මං මේ බැලුවේ ඡන්දයක්වත් ළඟද කියලා. කට උල් කර කර අත ගුළි කර කර...
දැන්වත් මෙහි බැරෑරුම්බව තේරුම්ගෙන අනාගතයේදී මෙවැන්නක් සිදුනොවීමට ආරක්ෂක අංශ දියුණු තාක්ෂණික ක්‍රම භාවිතා කිරිමට යොමු කරන්න! ISIS යනු මිලෙච්ඡ ත්‍රස්තවාදී කණ්ඩායමක්! FBI report බලන්න සහ එම වාර්තාව අධ්‍යයනය කරන්න! මෙය දේශපාලනීකරණය නොවිය යුතුයි! උගන්ඩා සල්ලි වගේ මුලාවක් නොවිය යුතුයි...!
අපි බැංකුවේ වැඩිවෙලා බලාගෙන ඉන්නද මාමේ?