(ඉන්දිකා රාමනායක සහ ටී. කේ. ජී. කපිල)
පාතාල නායක මාකදුරේ මධූෂ් සමග ඩුබායි හෝටලයේදී අත්අඩංගුවට ගෙන රදවා සිටි පිරිසෙන් තවත් පුද්ගලයන් හය දෙනෙක් එරටින් පිටුවහල් කිරීමෙන් පසු අද (17) දිවයිනට පැමිණි බව පොලිසිය කියයි.
මොවුන් යු එල් 226ගුවන් යානයෙන් අද අලුයම 4.45 ට පමණ මෙරටට පැමිණ ඇත.
ඔවුන් අතර සෙනෙවිරත්න මාවතගේ දයාන් බුද්ධිම පෙරේරා, මොහොමඩ් බදුර්දීන් මොහොමඩ් රියාස්, රණසිංහගේ සුරේෂ් වසන්ත, යොන් මෙරන්ග සයිමන් හේවගේ රූපදාස, මොහොමඩ් ජබීර් මොහොමඩ් හිබ්‍රේ සහ සමරසිංහගේ නිලාන් රොමේෂ් යන අය සිටිති.
එම පිරිස කටුනායක ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු සහ ජාතික රහස් තොරතුරු ඒකකයේ නිලධාරීන් විසින් ප්‍රශ්න කිරීම සඳහා රැගෙන ගොස් තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සහජීවනේ දෝරෙ ගලලා අම්මපා...!
මේ මනුස්සයා එක්ක පුදුම සෙනඟක්නේ ඉඳලා තියෙන්නේ. එවනවා එවනවා ඉවරක් නෑ.
අපේ මාරපන ඇමතිතුමාගේ සැඟවුණු දක්ෂතාවය තමයි ඉතින්...කාටද ආඩම්බරේ...බලන්නකෝ වැඩිකල් නොගිහින් මදූෂ්වත් ආරක්ෂාකාරීව ලංකාවට ගෙනෙන ආකාරය..