
(සුජිත් හේවාජුලිගේ )
මධ්‍යම සංස්කෘතික අරමුදලේ කෝටි 2500 ක පමණ මුදලක් පසුගිය රජයේ විෂය බාර අමාත්‍යවරයා මූලික අරමුණුවලින් බැහැරව යොදවා ඇතැයි ජාතික උරුම ප්‍රාසාංගික කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසීය.
පුරාවිද්‍යා නීතිය ක්‍රියාත්මක කිරීමට හා පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කර ගැනීමට ප්‍රමාණවත් ප්‍රතිපාදන නොමැති බවද ඔහු සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ එක රටක් එක නීතියක් සඳහාවූ ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයන් පසුගියදා හමුවූ හමුවූ අවස්ථාවේදීය.
ජාතික උරුමයන් හා පුරාවස්තු ආරක්ෂා කිරීමේදී අදාළ නීතී, සියලු ජනවර්ග වෙත සමව ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් පළාත් කිහිපයක මහජනතාව එම කාර්ය සාධක බලකායට තොරතුරු ලබාදී ඇති බවද මෙම සාකච්ඡාවේදී සඳහන් විය.
එක රටක් එක නීතියක් සංකල්පය යථාර්ථයක් කර ගැනීම සඳහා ජනාධිපතිවරයා තැබූ පියවරට ප්‍රණාමය පුද කරන බව වික්‍රමනායක මහතා පැවසීය.
මේ අතර මෙම බලකාය හමුවේ අදහස් දැක්වූ අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසුවේ අධ්‍යාපනය රටේ සෑම දරුවකුට ම එක හා සමානව ලැබිය යුතු අයිතිවාසිකමක් වුවත් එම පොදු අධ්‍යාපනය තුළ සියලු ජාතීන් සමගිව ජීවත් වීමට බාධා කෙරෙන අන්තවාදී ඉගැන්වීම් ප්‍රවර්ධනයට අවස්ථාව නොතිබිය යුතු බවයි.
මෙම සාකච්ඡාවට එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති ගලගොඩඅත්තේ ඥාණසාර හිමි එහි සමාජිකයන්වන නීතිඥ සංජය මාරඹේ, එරන්ද නවරත්න, පානි වෑවල, අසීස් නිසර්දීන්, කලීල් රහුමාන් යන මහත්වරුන් සහ එහි ලේකම් ජීවන්තී සේනානායක මෙනවිය ඇතුළු පිරිසක් සහභාගි වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොලාගේ ආණ්ඩුව රටේ ධනය ට්‍රිලියන ගණනක් අවභාවිත කළා නේද?
අප රටේ මැති ඇමැතිවරුත් අන්න අතන අරවගේ මූල්‍ය වංචාවක් වුණා කියනවා මිසක් වරදකරුවන් නීතිය හමුවට පමුණවන්න කර ඇති කිසිම දෙයක් නැහැ. මේ ආණ්ඩුව පත්වුණෙත් බැඳුම්කර හොරුත්, පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තනුත් නීතිය හමුවට ගේනවා කියලා. දැන් අවශ්‍ය කරන්නේ තවත් ගල් පැලෙන බොරු පවසන මැති ඇමැතිලා කල්ලියක් තෝරන ඡන්දයක් නොව ස්වාධීන නීතිමය රාමුවකි. මොකද කිව්වොත් රට වැනසීමට දායක වී, පඩිත් ලබාගෙන කෝටි ගණන් පවුල් පිටින් මිතුරු කල්ලි හා එක්ව ජනතා මුදල් ගසාකන කණ්ඩායම් පත්කිරීම රටට බරක්වන බැවිනි.