
(මොහොමඩ් ආසික්)
මධ්‍යම පළාතට අයත් මහනුවර මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල වයස අවුරුදු පහට අඩු දරුවන් 2,142 ක් උග්‍ර මන්දපෝෂණ තත්වයෙන් පෙළෙන බව හඳුනා ගෙන ඇති බව පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.
2023 වසරට අදාළව මධ්‍යම පළාතේ පවතින මන්දපෝෂණ තත්වය සම්බන්ධයෙන් 2016 අංක 12 දරණ තොරතුරු දැන ගැනිමේ පනත අනුව පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් කරන ලද තොරතුරු ඉල්ලීමකට ලබා දී ඇති තොරතුරුවල මේ බව සඳහන් වෙයි.
මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව විසින් ලබා දී ඇති තොරතුරු අනුව උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන අවුරුදු පහට අඩු දරුවන් 2142 ක් පළාතේ සිටින අතර මධ්‍යම මට්ටමේ මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් 15,920 ක් සහ ඌණ පෝෂිත දරුවන් 27,812 ක් හඳුනා ගෙන ඇති බවත් එම තොරතුරුවල සඳහන් වෙයි.
මහනුවර දිස්ත්‍රික්කයේ උග්‍ර මන්ද පෝෂණයෙන් පෙළෙන දරුවන් 970 ක් මාතලේ දිස්ත්‍රික්කයේ 461 ක් සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ දරුවන් 711 ක්ද හඳුනා ගෙන තිබේ.
මධ්‍යම මට්ටමේ මන්ද පෝෂණයෙන් පෙළෙන දරුවන් මහනුවර දිස්ත්‍රික්කයේ 7626 ක් මාතලේ දිස්ත්‍රික්කයේ 3716 ක් සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ 4588 ක් වශයෙන් හඳුනාගෙන තිබේ. ඌණ පෝෂිත දරුවන් මහනුවර දිස්ත්‍රික්කයේ 11,044 ක් මාතලේ දිස්ත්‍රික්කයේ 4051 ක් සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ 12,717 ක් වශයෙන් හඳුනා ගෙන තිබේ.
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස මට්ටමින් උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් වැඩි වශයෙන් වාර්තා වී ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයේ අකුරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් 76 ක් යටිනුවර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් 68 ක් වශයෙන් වන අතර මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් 67 ක් සහ විල්ගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් 61 ක් වශයෙන් වාර්තා වී තිබේ. නුවරඑළිය දිස්ත්‍රික්කයේ වැඩිම මන්දපෝෂිත දරුවන් වාර්තා වී ඇත්තේ කොත්මලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් 89 ක් සහ ළිඳුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් 84 ක් වශයෙනි.
මෙම සංඛ්‍යා ල්ඛණ අනුව පෙනී යන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ දරුවන් තුල මන්දපෝෂණ තත්වයේ වැඩි වීමක පෙන්නුම් කරන බවයි.
COMMENTS
මේ දිස්ත්‍රික්ක වල මැති ඇමැතිලා කී දෙනෙක් නම් රට බේරගන්න, රැකගන්න ඉන්නවාද? ඒ වුණාට තමන්ගේ දිස්ත්‍රික්කයේ ළමයි ටිකට හරියට කන්න දෙන්න සැලසුමක් නෑ.
තව සැරයක් ඉන්න අයටම චන්දෙ දෙමු
ඔය තියෙන්නේ හොදටම කරලා...
මේක විෂම චක්‍රයක්...! ඉදිරි අනාගතයේ දී ජනගහනයේ රෝගී, බුද්ධියෙන් හීන, දුර්වල ජන ප්‍රතිශතය ඉහළයාවි. එවැනි ප්‍රජාවක් බලය යොදවලා, අන්දවලා, පාගලා, රවටලා පාලනය කරන්න ලෙහෙසියි. නැවත නැවත බලයට එන්නත් ලෙහෙසියි. ඒ නිසා මේ තත්වය වැඩි වැඩියෙන් දියුණු කරගෙන පවත්වාගෙන යමු නේද?