(ඩයනා උදයංගනී)
ආණ්ඩුවේ තනතුරු ලබාගත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත්‍රීවරුන් පක්‍ෂයේ දැරූ තනතුරුවලින් ඉවත්කිරීමට පක්‍ෂ මධ්‍යම කාරක සභාව ගත් තීරණය විධායක සභාව මගින් ද අනුමත කළ බව පක්‍ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ විධායක සභාව එහි සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එම පක්‍ෂ මූලස්ථානයේ දී ඊයේ (3) පස්වරුවේ රැස්වූ අවස්ථාවේ මෙම අනුමැතිය හිමිවූ බව ද පක්‍ෂ මහලේකම්වරයා සඳහන් කළේය.
පක්‍ෂයට ඔවුන් එල්ල කරන විවේචනවලට අනාගතයේදී ජනතාව සමඟ එක්වී පිළිතුරු ලබාදෙන බවද දයාසිරි ජයසේකර මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැතිවරණයකදී 5% ගන්න බැරි සියලුම පක්ෂ ලියාපදිංචිය අහෝසි කළ යුතුයි. ජනතාවට වැඩිය පක්ෂ තියෙයි. නැතිනම් බහුපක්ෂ ක්‍රමයත් අපේ දිනුමට බාධාවක්... ද්විපක්ෂ ක්‍රමය ලංකාවට වඩාත් සුදුසුයි.
පිලිතුර එනමැතිවරනයෙන් අන්ත පරාජයක් තමයි