IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


මධ්‍යම කඳුකරයට දැඩි සුළං

(රංජිත් රාජපක්ෂ සහ ආර්.එෆ්.එම්.සුහෙල්)

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශය හරහා  හමා යන දැඩි සුළං සහ කඩින් කඩ ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ප්‍රධාන මාර්ග කිහිපයකම ගස් කඩා වැටිම හේතුවෙන්  ගමනා ගමනයට බාධා පැමිණ ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකාරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය.

නුවරඑලිය බදුල්ල ප්‍රධාන මාර්ගයේ නානුඔය මංසන්ධියේ විශාල සයිප්‍රස් ගසක්  ප්‍රධාන මාර්ගයට කඩා වැටිම නිසා එම මාර්ගයේ ගමනා ගමන කටයුතු උදැසන පැයක පමණ කාලයක් සම්පුර්ණයෙන්ම ඇණහිට තිබුණි.

යුධ හමුදාව, පොලිසිය සහ ප්‍රදේශවාසින් එක්ව ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු සයිප්‍රස් ගසෙහි කොටසක් කපා ඉවත් කර රථ වාහන ගමනා ගමනය එක් මංතිරුවකට සිමා කර ඇත.

මේ අතර හැටන් මස්කෙලිය ප්‍රධාන මාර්ගයේ මස්කෙලිය කුඩා මස්කෙලිය ප්‍රදේශයේදි ප්‍රධාන මාර්ගයට විශාල යුකෙලෙප්ස්ටික් ගසක් කඩා වැටිමෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු වලටද බාධා එල්ල විය.



අදහස් (0)

මධ්‍යම කඳුකරයට දැඩි සුළං

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 878 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 377 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site