IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


මධ්‍යම අධිවේගයේ සිමෙන්ති බාල්ක කඩා වැටේ

(පුෂ්පකුමාර මල්ලවආරච්චි,තිලකරත්න දිසානායක සහ ආනන්ද ඊ ජයකොඩි)

ඉදි වෙමින් පවතින කොළඹ මහනුවර මධ්‍යම අධිවේගී මාර්ගයේ මගලෙගොඩ හා බෙම්මුල්ල අතර කොටසේ කණු මතින් ඉදි වෙන මාර්ගයේ දෑවැන්ත කොන්ක්‍රීට් බාල්කයක් පෙරේදා 4 පස්වරුවේ කඩා වැටී ඇතැයි ප්‍රදේශවාසීහු කියති .

වෙල්යාය මැද මෙම ප්‍රදේශයේ මාර්ගය ඉදි කිරීමෙන් පවතින්නේ කොන්ක්‍රීට් කණු මතය .එහි ඉදිකිරීම් කටයුතු සිදු කරන අවධියේ දමන ලද හරස් කොන්ක්‍රීට් බාල්කයක් මෙසේ මැදින්කඩා වැටී ඇත.

මාර්ගය ඉදිකිරීම් සිදු වෙන අතර මෙසේ කොන්ක්‍රීට් බාල්ක කඩා වැටෙන්නේ නම් මාර්ගය ඉදිකර අවසන් වීමෙන් පසු අධිවේගී මාර්ගයේ ගමන් කිරීම මහත් අනතුරකට හේතුවක් වනු ඇතැයි ප්‍රදේශවාසී වූ සඳහන් කරති .

මේ සම්බන්ධයෙන් ව්‍යාපෘති අධ්‍යක්ෂ ඉංජිනේරු නලින්ද රත්නායක මහතා මෙසේ පැවසීය. 

මෙම කොන්ක්‍රීට් කොටස් තැබීම සිදු කිරීම 2021 වර්ෂයේදී සිදු කළේ. දැනට කඩා වැටීම සිදුව ඇති කොටස පසෙකට පෙරලීමක් වැනි දෙයක් සිදුවීම හේතුවෙන් මෙලෙස කඩාවැටීම සිදුව ඇති බවටයි  පෙනෙන්නට තිබෙන්නේ  යම් ව්‍යාපෘතියක් දිගු කලක් ඉදිකිරීම් නවතා තැබීම සුදුසු නැහැ. අතරමග නවතා දමා ඇති ව්‍යාප්ති කඩිනමින් අවසන් විය යුතුයි

 



අදහස් (19)

මධ්‍යම අධිවේගයේ සිමෙන්ති බාල්ක කඩා වැටේ

ජයනාත් Sunday, 05 May 2024 12:52 PM

දැන් හිතාගන්න පුළුවන් ද මධ්‍යම අධිවේගයේ අනාගතය.

:       1       40

Nimal Sunday, 05 May 2024 01:48 PM

මේ සංකේතවත් වන්නේ, වර්තමාන දුර්දාන්ත රජයේ ඉරණමයි.

:       0       1

Shashika519 Sunday, 05 May 2024 02:50 PM

මුකුත් කියන්න එපා. ඔය කොටස හදන්නෙ දයාගේ දේශීය සමාගමක්.

:       3       46

රෝයි ෆෙඩ්රික්ස් Sunday, 05 May 2024 02:54 PM

පාලමට අධිපති රාක්ෂයාණනි... ඔබට නැරඹිලි අවශ්‍යම නම් මේ එදාවේල කන්න නැති අපිව නොකා අර ඔක්සිජන්කාරයා බිලිගත්තා සේම, පාලමෙන් කොමිස් ගැසූ හොරකම්කළ පාපතරයින්ම පවුල් පිටින් වනසාලනු මැනවි.

:       0       4

තොත්ත බබාල Sunday, 05 May 2024 03:43 PM

බොහෝ කලකට පෙර පේරාදෙණියේ එකසිත් ඇති මහත්වරු පාලම හදන්නට ගත්තේ කියලා විහිලු කවියක් අහල තියෙනවා. ඉතින් ඔය පාරත් පේරාදෙණිය පැත්තට යන පාරක් නිසා ඒ කවිය සිහියට ආවා ඉතින් ඔය පාඩු කොන්ත්‍රාත් කර විද ගන්නවාද නැත්නම් ජනතාව වෙතට යොමුකර පාඩුව වසාගෙන කනවද කියලා කියන්න.

:       0       24

නිහාල්Sunday, 05 May 2024 07:08 PM

පේරාදෙණියේ විතරක් නොවේ. මොරටුවේ මහත්තුරුත් ඔතැන වැඩ කරන්න ඇති...!

:       0       2

ravin Sunday, 05 May 2024 04:11 PM

දැනට කඩා වැටීම සිදුව ඇති කොටස පසෙකට පෙරලීමක් වැනි දෙයක් සිදුවීම හේතුවෙන් මෙලෙස කඩාවැටීම සිදුව ඇති බවටයි පෙනෙන්නට තිබෙන්නේ යම් ව්‍යාපෘතියක් දිගු කලක් ඉදිකිරීම් නවතා තැබීම සුදුසු නැහැ. අතරමග නවතා දමා ඇති ව්‍යාප්ති කඩිනමින් අවසන් විය යුතුයි

:       0       2

රනේ Sunday, 05 May 2024 04:17 PM

ගුල්ලො ගහපු යකඩ දාලා හදන්න ඇත්තේ.

:       0       26

Deepal Nirosh Sunday, 05 May 2024 05:08 PM

හොඳ වෙලාවට ව්‍යාපෘතිය තාවකාලිකව හෝ අතරමඟ නතර වුණේ, මේ වෙනකොට වැඩ නිම කරල විවෘත කරල තිබුණනම්?

:       0       1

Kantha Sunday, 05 May 2024 06:19 PM

2021-22 සාදා වැඩ නිමකලේ නැති නිසා කොන්ක්‍රීට් බාල්ක කඩා වැටෙන්න බෑ... නිසි ප්‍රමිතියෙන් තොර අමු ද්‍රව්‍ය (යකඩ සිමෙන්ති) නිසා මෙවන් තත්වයක් උදාවෙන්න පුළුවන්. වගකිව යුතු අයට දඩුවම් කළ යුතුයි...

:       0       3

Kumar Sunday, 05 May 2024 07:37 PM

එම බාල්කය කැඩුනේ පැත්තට පෙරලුණ නිසයි. අපට වෙන වරදක් පෙනෙන්නෙ නැත.

:       1       1

Nimal Sunday, 05 May 2024 09:04 PM

ශතවර්ෂ එකහමාරකට පෙර සුද්දා සැදූ පාලම් සිහිපත් වෙනවා. වසර 150ක් ගිහිල්ලත් ඒවා සවිමත්ව තියෙනවා.

:       0       2

බබාලා Sunday, 05 May 2024 09:10 PM

ආශ්චර්යය...!

:       0       3

Nandalal DE SILVA - France Sunday, 05 May 2024 11:35 PM

අති විශාල පොලියකට ණයක්... චීනාගෙන් අරගෙන හදපු මේ වැල් පාලම උඩින් වාහන යන්න ඉස්සර කඩා වැටුණු එක ජාතියේ වාසනාවක්...

:       0       9

Hmdh hemakumara Monday, 06 May 2024 06:29 AM

මම නම් හිතුවා කවදාහරි කඩා වැටෙයි කියලා, දිගින් වැඩි අඩු ප්‍රමිතියේ කොන්ක්‍රීට්...!

:       0       6

ගැමුණු Monday, 06 May 2024 07:48 AM

සිමෙන්ති වලට පාන්පිටි කලවම් කරලා දාන්න ඇති...

:       0       4

සෙනෙවිරත්න Monday, 06 May 2024 01:48 PM

ඒක කැඩුණු පාඩුව නෙවෙයි, අනෙක් ඒවා ගැන කව්ද සහතික දෙන්නේ? ඕවා කැඩුනොත් ජීවිත හානි සුලු පටුද? කො මේ කොන්ක්‍රීට් සංවර්ධනයට ඇස් නිලංකාර වෙලා හොරු රකින සෙට්එක...

:       0       4

සෙනෙවිරත්න Monday, 06 May 2024 01:58 PM

ලෙවල් එකට තියෙන මතුපිටක ඕක පසෙකට පෙරලෙන්නේ හුළඟටද? නැත්නම් භූම්කම්පාවක් වෙලාද? කඩන් වැටීමට පෙර පැත්ත වැටුණාද වැටුණු පසු පැත්ත වැටුණාද කියලා කොහොමද කියන්නේ? මිනිහෙකුට ඕක පෙරලන්න පුළුවන්ද? අපිට නොවැටහෙන එකයි...

:       0       3

සෙ Monday, 06 May 2024 02:01 PM

බාල්කයේ පලල් පැත්ත සිරස්ව තිබිය යුතුයි. ඒත් එය තිරස්වූ පමණින් කඩා වැටේ නම් කොන්ක්‍රීට් සහ කම්බිවල ප්‍රමිතිය අවුලක්, වසර තුනයි බර දැරීමටත් පෙර, අර මහත්මයා කියන විදියට මේකෙ වැඩ නිම කළාම කොන්ක්‍රීට් වෙරගැන්වෙනවාද?

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 442 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 247 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1035 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site