(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
මධ්‍යම අධිවේගී මාර්ගයේ වැඩ කටයුතු පුලුවන් ඉක්මනින් අවසන් කර විවෘත කිරීමට පියවර ගන්නා අතර තම ආණ්ඩුව නොපෙරලුනේ නම් මේ වනවිටත් මධ්‍යම අධිවේගී මාර්ගයේ වැඩ අවසන් කිරීමේ හැකියාව තිබූ බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද (19) පැවසීය.
අගමැතිවරයා මේ බව සඳහන් කළේ මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටසෙහි ඉදිකිරීම් සම්බන්ධයෙන් නිරීක්ෂණ චාරිකාවකට එක් වූ අවස්ථාවේදී මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි .
අගමැතිවරයා මීරිගම මදුරු පිටියේ සිට අලව්ව බෝයවලාන දක්වා කොටසෙහි සංචාරය කරමින් එහි ඉදිකිරීම් ප්‍රගතිය නිරීක්ෂණය කළ අතර අලව්ව ගල්දෙණිය මධ්‍යම අධිවේගී වැඩ බිමෙහි පැවැති අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සම්බන්ධයෙන් නිලධාරීන්ගේ දැනුවත් කිරීමේ අවස්ථාවට ද සහභාගි විය.
මීරිගම සිට කුරුණෑගල දක්වා අධිවේගී මාර්ගය අදියර හතරක් යටතේ ඉදිකිරීම් කටයුතු සිදුකෙරෙන බවත් ඉන් අදියර තුනක වැඩකටයුතු අවසාන අදියරට පැමිණ ඇති අතර එක් කොටසක පමණක් ඉදිකිරීම් කටයුතු මන්දගාමී ව පවත්නා බව ද මෙහිදී හෙළි විය .
කෙසේ වෙතත් අධිවේගී මාර්ගයේ කිලෝ මීටර් 41කින් යුත් මීරිගම කුරුණෑගල කොටසෙහි 75% ක ප්‍රගතියක් ඇති බව නිලධාරීහු මෙහිදී අගමැතිවරයාට පෙන්වා දුන්හ.
ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතු සඳහා රුපියල් බිලියන අටක් ගෙවීමට නියමිත අතර එයින් බිලියන හතක් මේ වන විට ගෙවා අවසන්ව ඇතැයිද මාර්ග සංවර්ධන අධිකාරිය නිලධාරීහු මෙහිදී අනාවරණය කළහ .
මෙම මාර්ගයේ ඉදිකිරීම් කටයුතු මේ වසරේ ජූලි මස අවසානය වන විට අවසන් කිරීමට නියමිතව තිබූ නමුත් එක් කොටසක ඉඉදිකිරීම් මන්දගාමී වීම හේතුවෙන් එය තවත් මාස කිහිපයක් ප්‍රමාද වන බව මෙහි දී කියවිණි .
අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කිරීම් වෙනුවෙන් මේ වන විට රුපියල් බිලියන 96 ක මුදලක් ගෙවා අවසන්ව ඇති බව ද දේශීය බැංකුවලින් මේ සඳහා බිලියන 87 ක මුදලක් ණය ලබාගෙන ඇතැයි ද ඇතැයි ද නිලධාරීහු මෙහිදී අගමැතිවරයාට පෙන්වා දුන්හ ඉඩම් අත්පත් කර ගැනීම නිමිත්තෙන් ගෙවිය යුතු රුපියල් බිලියනයක මුදල අවශ්‍ය කෙරෙන බවද බව ද මෙහිදී සඳහන් විය.
දකුණු අධිවේගී මාර්ගය ඉදිකිරීමේ දී දෙල්ගහ ට කොස් ගහට පවා ගෙවීම් සිදු කලත් මෙහිදී එසේ සිදු නොවූයේ ඇයි දැයි අගමැතිවරයා නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළ අතර නිලධාරීන් පෙන්වා දුන්නේ තක්සේරු දෙපාර්තමේන්තුවේ තක්සේරුව මත කටයුතු කර ඇති බව ය .




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
CBSL එකේ වැඩ කවද්ද ඉවර කරන්නේ?
අධිවේගී මාර්ගයද? යටිමඩි ගැසීමේ මාර්ගයද?
මේක එජාප ආණ්ඩුවේ ව්‍යාපෘතියක්... සියලුම මුදල් වෙන් කළේ පටන්ගෙන කරගෙන ආවේ එජාප රජය.. අද මෙයා උත්සාහ කරනවා අනුන්ගේ දරුවන්ට උප්පැන්න දෙන්න.. රෙදි ඇඳගෙනද කරන්නේ මේවා...? ලැජ්ජා නැතිකම ඔක්කෝටම වඩා ලොකුයි.
අනේ යන්න බොරු නොකියා... මේ ආණ්ඩුව ආව වෙලාවේ සිට මේ ව්‍යාපෘතියට මුදල් ගෙවලා නෑ අද වෙනකන්... කලින් අනුමත වුණු බිල්මුදල් මේ ළඟකදී වෙන ව්‍යාපෘතියකට යැව්වා. ඒ නිසා තමයි කම්පැණි අප්‍රේල් ඉඳලා ඉදිකිරීම් වැඩ නතර කළේ. බොහෝ සේවකයින්ට පඩි භාගයයි ගෙවලා තියෙන්නේ... සමහර සෙක්ෂන්වල සේවකයින්ට පඩි ගෙවලාම නෑ. ඒ වගේම මිනිස්සු සැලකිය යුතු ගණනකටම රැකියා නැති වුණා. මමත් ඔය ව්‍යාපෘතියේ තමයි ඉන්නේ...
ඇත්ත මෙතුමා හිටියා නම් දැන් මේ පාරේ යනවා.. දකුණ-කටුනායක ඔක්කොම ඉක්මණට හැදුවා. එජාප ආණ්ඩුව කළේ මෙතුමා පටන් ගත්තු ව්‍යාපෘතිවලින් ගසාකන්න බලපුඑක... මේවා ඔක්කොම 2007-2017 මාස්ටර් ප්ලෑන් එකේ තියෙන ව්‍යාපෘති...
ඕක ඉක්මනට ඉවර කරලා දෙන්න සර් අපිට... ඊට පස්සෙ දවස් තුනක් විතර රටේ හැම කෙනෙක්ටම ඕකේ ගිහින් නොමිලේ බලලා ඇවිත් ෆොටෝ එහෙම ගහලා අන්තිම දවසට භාතිය සන්තුෂ්ලා, රොෂාන් ප්‍රනාන්දුලා එහෙම දාලා සංගීත සන්දර්ශනයකුත් තියලා ඡන්න සර්ගේ නැටුම් ටිකක් එහෙම බලලා අපිටත් මැරිලා යන්න පුලුවන්නේ දෙයියනේ කියලා. කොහොමත් මැරෙන්න කලින් අපිට පෝර්ට් සිටියේ වෙරලෙන් නාගන්නත් පුලුවන් වෙයි සර්ලාට පින් අයිතිවෙන්න.
අනේ මෙයාගේ නිරීක්ෂණ.?