
(සුජිත් හේවාජුලිගේ සහ අංජුලම එක වීරරත්න)
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත උපයෝගී කරගෙන සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් දඩයම් කිරීම හෙළා දකින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (3) පැවසීය
කියන දේ කරන පිරිසක් නම් මේ මර්දනය නතර කරන්නැයි ඉල්ලා සිටින බවද ඔහු කීවේය.
විපක්ෂ නායකවරයා මෙසේ පැවසුවේ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාදයේදීය.
සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවසීය.
රටේ සහල් හිඟයට විධිමත් විසඳුමක් අවශ්‍යයි. කිසිම දවසක රටින් හාල් ගේන්නේ නැහැ කියලා මේ අය කිව්වා. දැන් රටින් හාල් ගේන්න පටන් අරගෙන තියෙනවා. භාණ්ඩ මිල සීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබෙනවා. රටේ ජනතාවගේ ආහාර වියදම අවබෝධ කරගෙන සහල් ගැටලුවට විසඳුමක් ලබා දෙන්න කියලා රජයෙන් ඉල්ලීමක් කරනවා. ස්ථිරසාර වැඩපිළිවෙළකට යොමු වන්න. මිල සූත්‍රය පැත්තක දමා අද වෙනත් දේවල් කරනවා. තෙල් මිල සම්බන්ධයෙන් කියපු දේ ඉෂ්ට කරන්න කියලා ඉල්ලනවා.
ගංවතුරින් පුද්ගලයන් ලක්ෂ පහකට වැඩි පිරිසක් පීඩාවට පත්වෙලා ඉන්නවා. විශේෂයෙන්ම ඒ අයට සහන ලබාදීමට රජය කඩිනම් වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි. ආපදා කළමනාකරණ මණ්ඩලය කැඳවීම මේ අවස්ථාවේදී සුදුසුයි. සියලු දෙනා අත්වැල් බැඳගෙන ආපදා තත්ත්වයට ශක්තිමත්ව මුහුණ දීමට කටයුතු කළ යුතුයි. විපතට පත් වූ අයට සහන ලබාදෙන්න ඕන.
කාලගුණයට අවශ්‍ය අලුත් රේඩාර් පද්ධති ලබාගන්න ඕන.
ක්ෂණික ගංවතුර තත්ත්වය කල් තියා දැනුම් දීමෙන් ආපදා තත්ත්වය අවම කරගන්න පුළුවන්. ගංවතුර තත්ත්වය තුළ දැවැන්ත වගා හානියක් සිද්ධ වුණා. එමගින් ආහාර නිෂ්පාදනයට සිදු වූ සිදු වූ බලපෑම ගැන අධ්‍යයනයක් කළ යුතුයි. වගා හානිය සොයා බලා නිශ්චිත සහන ලබා දිය යුතුයි.
වගා හානි ප්‍රමාණය අඩු කරලා. විපතට පත් ගොවි ජනතාවට ලබා දිය හැකි උපරිම සහන ලබා දෙන්න. ඖෂධ ක්ෂේත්‍රයේ බරපතළ අර්බුදයක් තියෙනවා. අද රට පුරා රෝහල්වල ඉන්සියුලින් සෝඩියම් බයිකාබනේට් එවැනි ඖෂධ වල හිඟයක් තියෙනවා. මේ ඖෂධ ප්‍රමාණවත් පරිදි නැහැ. ලේඩි රිජ් වේරෝහලේ විකලාංග ඒකකයේ උපකරණ වල හිඟයක් තියෙනවා කියලා ආරංචියක් යනවා. එම ගැටළු විසඳන්න කියලා ඉල්ලනවා.
පොහොර සහනාධාරය හරියාකාරව ක්‍රියාත්මක වී නැහැ. 25000 සහනය ලැබී ඇත්තේ දෙලක්ෂ දාහත් දාහකට පමණයි.සංවර්ධන නිලධාරීන් අධ්‍යාපන අමාත්‍යාංශය ළඟට ඇවිල්ලා තමන්ගේ දුක් ගැනවිලි ඉදිරිපත් කළා. සංවර්ධන නිලධාරීන් එහිදී මර්දනයට ලක්කළා. පස් දෙනෙක් අත්අඩංගුවට ගත්තා. ඔවා දෙනු පරහට තමා සම්මතයේ පිහිටා සිට. ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ ක්‍රමවේදය ගැන අනුර දිසානායක මීට කලින් විරෝධය පළ කළා. ඒ ගිවිසුම තුළ ඇති අහිතර කාරණා ඉවත් කරගත යුතුයි. අපිත් ඒකට සහය දෙනවා. ඔබලා වේදිකාවේ කියපු දේවල් අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කළ යුතුයි. පොදු ජන හිතවාදී දේවලට අපි උපරිම සහය දෙනවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි ඔයාගෙ සෙට් එකත් අහුවෙයි කියලා බය හිතුනද?
බොරු ප්‍රචාර කිරීමයි ,නියම මාධ්‍ය භාවිතයයි තේරුම් ගන්න බැරි මිනිහෙක් විපක්ෂ නායකකමට නෙමෙයි මන්ත්‍රී කෙනෙක් වෙන්නවත් සුදුසු නෑ වගේ මෙයා
ගෙවල් වල ඉන්න ඕනෑ නිකමෙක් සත පහක වැඩක් නෑ... කතා කරන්නේ මොනාද කියලාවත් දන්නේ නෑ..
පක්ෂයවත් හරියට කරගෙන යන්ඩ බැරි,විපක්ෂ නායකයා ගැන කවර කතාද? මෙයා ජනාධිපති වුණා නම් රටට මොනවයින් මොනවා වෙයිද ?
පත්තර කාරයින්ගේ කරපිටින් ගිහින්වත් මීලඟ ඡන්දෙ දිනන්න පුලුවන්ද කියල බලනව වගෙ?
අපි දැක්කා මාධ්‍ය නිදහස පාවිච්චි කරලා මහවිරු දිනේ බොරු දේවල් මවන්‍න හදපු හැටි... ඔබට ලැජ්ජා නැද්ද ඔය විදියට කතා කරන්න. ඔබ ඒ කලබල ඇති කරන්න හදපු මිනිසුන් වෙනුවෙන්ද කතා කරන්නේ? ලැජ්ජයි ඔබ කටයුතු කරන විදිය ගැන
රටේ ජාතිවාදය ආගම්වාදය අවුස්සන්න එක එක කල්ලී කණ්ඩායම් එක්ක එකතුවෙලා ක්‍රියා කරන අපරාධකරුවන් මාධ්‍යවේදීන් කියලා හිතෙන සිගිති මොලයක් තියෙන විපක්ෂ නායකයෙක් සිටීම ජාතියේ අවාසනාවකි. රටේ ජාතික වැදගත්කමක් තියෙන ප්‍රශ්න වලදී දේශපාලන වාසි හොයන්න උත්සහ නොකර ප්‍රබුද්ධව හිතන්න කියලා විපක්ෂ නායකයාට ආරාධනා කරන්න කැමතියි.