
(සුජිත් හේවාජුලිගේ )
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා ගැනීමට නවක මන්ත්‍රීවරුන් 80 දෙනෙකු අයදුම්පත් යොමු කර ඇතැයි පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
මින් හැටකට ආසන්න සංඛ්‍යාවක් ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් බව එම නිලධාරියා සඳහන් කළේය.
මේ අතර හිටපු මන්ත්‍රීවරුන් හත් දෙනකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් ඉවත් නොවී තවමත් රැඳී සිටින බව ආරංචි මාර්ග සඳහන් කළේය.
ඉතා ඉක්මනින් එම නිවාසවලින් ඉවත්ව යන බවට හිටපු මන්ත්‍රීවරුන් හත් දෙනා දැනුම්දී ඇතැයි පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.
මේ අතර නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස වෙන් කිරීම ලබන මස 03 වැනිදා ආරම්භ කිරීමට නියමිතය.
කොළඹ සිට කිලෝමීටර් හතළිහක් ඇතුළත තමන්ටම නිවාස නොමැති දුරබැහැර පළාත්වල මන්ත්‍රීවරුන්ට මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා ගැනීමට අවස්ථාව උදාවේ.
නවක මන්ත්‍රීවරුන්ට නිවාස ලබාදීම සඳහා මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ නිවාස අලුත්වැඩියා කිරීමේ කටයුතු මේ දිනවල කරගෙන යයි. මේ සඳහා ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේද සහාය ගන්නා බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.
මන්ත්‍රීවරුන් 110කට පමණ මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස වෙන් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුනරුදය උදාවෙන්නයි යන්නෙ යාලුවනේ.
මේ වගේ බංගලා මාදිවෙල නැහැ
බොරු කියලා ඇවිත් තියෙන්නේ මලපෙරේත රැලක් නේ මුන්ට ගෙවලුත් නැහැලු දැන් . කෙලියා තාප්පෙට .ගෙවල් ගන්න ඔන්න පෝලිමේ .මුන්ට සල්ලිත් නැහැ කියයි .එතකොට පඩිය ගන්න පොලිමෙත් ඉඳියි
මුන් කිසි එකෙකුට ලැජ්ජාවක් නැති හැටි .දැන් මෙතන අපුල්ලන එවුන් අපුල්ලයි ලොවෙත් නැතිවෙන්න .කඩේ යන උන්ටත් ලැජ්ජාවක් නැහැ
ජාතික ජනබලවේගයේ බොහොමයක් මන්ත්‍රීවරුන්ට අගනගරයේ නිවාස නැහැ . ඔවුන් දේශපාලනය කලේ මිතුරන්ගේ තාවකාලික නවාතැන් වල සිට .ඔවුන්ට මාදිවෙල දීමේ ගැටළුවක් නැහැ .සියලුම මන්ත්‍රීන් වැඩිපුර ගැවසිය යුත්තේ තමන්ගේ ආසන වල. ප්‍රේමදාස, ජේ ආර් නියෝග කළා මතකයි
NPP අය ආවේ නම් මොනවත් එපා කියලා . මේ යන විදියට අනික් අය 75 අවුරුද්දක් කරපුවා මෙයාලා අවුරුදු 5 න් කරයි වගේ හොඳටම
මොනවත් එපා කියල ආවේ නැහැ, තමන්ට හිමි දේ ගන්නවා, විශේෂ වරප්‍රසාද තමයි අනවශ්‍ය, මෙතන ගොං කතා කියල ඒවට කමන්ට් කරන කුලී කල්ලිය තවමත් හිතේ අමාරුවට වැඩ වගේ තව වසර දහයක් වත් ඔහොම අවලාද කිය කිය ඉන්නම වෙයි,
මන්ත්‍රීවරුන්ට පඩිය නම් සෑහෙන්න මදි. වරප්‍රසාදත් ගන්නෙ නැති නිසා පඩිය වැඩිකර දීම සුදුසුයි.
දුර බැහැර ඉදලා පාර්ලිමේන්තුවට එන කෙනෙකුට දුර අනුව සළකා දෙන එක සාධාරණයි... ඕනෑම පක්ෂයක ඉන්ධන වලට යන මිල අඩු කරලා දෙන්න ක්‍රමයක් හදන්න ඕනෑ
මට නම් පේන්නේ මයිත්‍රී-රනිල් සීසන් 2 වෙයි වගේ... තව මාස 6කින් වගේ.
සෙනවිරත්න රෙදිසෝදනවා ලොවෙත් නැතිවෙන්න. නියමයි ආ...