
(සුජිත් හේවාජුලිගේ)
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ඉල්ලා නවක මන්ත්‍රීවරුන් 35 දෙනකු ඉල්ලුම්පත් ඉදිරිපත් කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
නවක මන්ත්‍රීවරුන්ට මාදිවෙල නිවාස ලබාදීම ලබන 3 වැනිදා ආරම්භ කරන බවද එම ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.
කොළඹ සිට කිලෝමීටර් හතළිහක් ඇතුළත නිවාසයක් නොමැති මන්ත්‍රීවරුන්ට මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබාගත හැකිය.
මාදිවෙල නිවාස නිකුත් කිරීමට මන්ත්‍රීවරුන්ගෙන් අයදුම්පත් කැඳවා ඇතැයි පාර්ලිමේන්තු නිලධාරියෙක් පැවසීය.
මේ අතර මාදිවෙල මන්ත්‍රී නිල නිවාස මන්ත්‍රීන්ට ලබාදීමට ඒවා මේ දිනවල ලහිලහියේ පිළිසකර කරගෙන යන බව වාර්තාවේ. මේ කටයුතු කඩිනමින් කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී සේවා අංශයේ සියලුම නිලධාරීන් සීරුවෙන් තබා ඇත.
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් මන්ත්‍රීවරුන් එකසිය දහයකට පමණ නිවාස පහසුකම් සැපයිය හැකිවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
AKD, මේවා නතර කරන්න.
කිලෝමීටර හතලිහක් කියන්නේම මෝඩ තීරණයක් කියන්න පුළුවන්. කිලෝමීටර් හැටකට වඩා දුරින් සිටින කෙනකුට බසයෙන් ආවත් පැය දෙකකට අඩු කාලයකින් එන්න පුළුවන් මාර්ග දැන් තියෙනවනේ... ඇත්තටම කිලෝමීටර් අසූවකට වැඩි දුරකින් සිටින අයට නම් නිවාස දීම සාධාරණත්වයක් තියෙනවා. දැන් නීතියට අනුව කොළඹ දිස්ත‍්‍රික්කයේ අයටත් නිවාස ගන්න පුළුවන්. ඒක හරියටම කොළඹට කිරි ගමට කැකිරි වගේ නේද?
හිඟන්නෝ ටිකක් පාර්ලිමේන්තුවට පත් කරලා ඇරලා තියෙන්නේ. ඊට පස්සේ මාදිවෙලට ගියාට පස්සේ ගම අමතක වෙනවා. රට අමතක වෙනවා. ඕක ඇතුළට වෙලා ඉන්නවා කලින් හිටපු ඒකුන් ටික කරේත් ඕකම තමයි.
රටට සේවයක් කරන අයට මොනවා දුන්නත් මොකද?