( බන්ධුල ඉලේපෙරුම)
මුදල් පිළිබඳ කාරක සභාවට බහුතර කැමැත්තෙන් සභාපතිත්වය පත්කළ යුතු බවට වන යෝජනාව බහුතර කැමැත්තෙන් අද(23) පාර්ලිමේන්තුවේදී සම්මත කෙරිණි.
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිත්වයට යෝජනා කරන ලද සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා වෙනුවට වෙනත් රජයේ මන්ත්‍රීවරයකු යෝජනා කිරීමට සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතා උත්සාහ කිරීමත් සමග අද (23 ) පාර්ලිමේන්තුව ආරම්භයේදීම උණුසුම් තත්ත්වයක් ඇතිවිය.
මුදල් පිළිබඳ කාරක සභාවට බහුතර කැමැත්තෙන් සභාපතිත්වය පත්කළ යුතු බව දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියද විපක්ෂයට ලැබිය යුතු එකම සභාපතිත්වය වන මෙම කාරක සභාවේ සභාපතිත්වය තමන්ට ලබාදෙන ලෙස විපක්ෂ මන්ත්‍රීවරු ඉල්ලා සිටීම හේතුවෙන් මෙම ගැටලුව උද්ගත විය.
ස්ථාවර නියෝග 121(1) හි විධිවිධාන අනුව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා එම කාරක සභාවේ මන්ත්‍රීන් අතරින් කාරක සභාව විසින්ම තෝරාපත්කරගැනීම සඳහා බහුතර කැමැත්ත විමසීමට ඡන්දයක් පැවැති අතර ඊට පක්ෂව ඡන්ද 87ක් හිමිවිය. විපක්ෂව ලැබුණේ ඡන්ද 17ක් පමණි. ඒ අනුව බහුතර කැමැත්තෙන් අදාළ යෝජනාව සම්මත විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිනේෂ් ගුණවර්ධන වගේ අය දැන් ගෙදර සිටිය යුතුකාලයයි. වයසක උදවිය තාමත් රට කන එක තමයි කරන්නේ...
ප්‍රජාතන්ත්‍රවාදය යනු බහුතරයම නොවේ!
මේක ලැබුණේ කාටද? අපැහැදිලියි....