(සුජිත් හේවාජුලිගේ)
කටුනායක ගුවන් තොටුපළේ වීසා නිකුත් කිරීමේ ක්‍රියා පටිපාටිය සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ඉදිරිපත් කළ වාර්තාවට විරෝධය පළ කරමින් මන්ත්‍රීවරුන් 16 දෙනෙකුගේ අත්සනින් යුතු ලිපියක් කතානායකවරයාට භාරදී ඇත.
එම වාර්තාවට තමන් අනුමැතිය නොදුන් බව කතානායකවරයාට බාර දුන් ලිපියේ සඳහන් වන බව පැවසේ.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී අදහස් දැක්වූ එම කාරක සභාවේ සාමාජික කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී දොළවත්ත මහතා පැවසුවේ එවැනි වාර්තාවක් ඉදිරිපත් කිරීමට බහුතර මන්ත්‍රීවරුන් අනුමැතිය නොදුන් බවයි.
අනුමැතිය නොදුන් වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම වැරදි බවද ඔහු සඳහන් කළේය.
එසේම විගණකාධිපතිවරයා මේ සම්බන්ධයෙන් වාර්තාවක් තවමත් ඉදිරිපත් කර නැති අවස්ථාවක සහ මන්ත්‍රීවරුන්ද වාර්තාවක් ලබාදීමට සූදානම් වෙමින් සිටි අවස්ථාවක මෙම වාර්තාව ඉදිරිපත් කිරීම නොගැලපෙන බව මන්ත්‍රීවරයා කීවේය.
කටුනායක ගුවන්තොටුපළේ වීසා ක්‍රියා පටිපාටිය පිළිබඳ රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ වාර්තාව එහි සභාපති ආචාර්ය හර්ෂද සිල්වා මහතා විසින් පාර්ලිමේන්තුවට ඉකුත් 12 වැනිදා ඉදිරිපත් කරනු ලැබීය.
මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 27කි. මේ අනුව බහුතර මන්ත්‍රී පිරිසක් එම වාර්තාවට විරෝධය පළ කර ඇත.
2025 දෙසැම්බර් මස 18
581
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
285
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1088
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මුදල් කමිටු වාර්තාවට මන්ත්‍රී 16කගේ
Sharafaz Saturday, 20 July 2024 11:04 AM
කෙහෙළිය වැරදිකරුවෙක් නොවන බව පවසමින් ඔවුන්ද ඒ ආකාරයෙන්ම ඔහුට සහය පළ කළහ. ඉන්පසුව පොලිස් පරීක්‍ෂණවලදී බෙහෙත් වෙනුවට ජලය ආනයනය කිරීමේ වරදට හසු විය මේ සඳහාම, සොරුන් සොරුන් ආරක්ෂා කරනු ඇත
ranjith Saturday, 20 July 2024 12:51 PM
මුන්ට රටේ සම්පත් මොකටද විකුනුවත් කමක් නැ මුන්ට ඡන්දේ දිලා මොකට යැව්වාද?
siri Saturday, 20 July 2024 02:56 PM
මුන්ට රටට හෙන ගැහැව්වත් ගානක් නැ
Hafeel Saturday, 20 July 2024 05:11 PM
හොරුන් වෙනුවෙන් හොරුන්. මේ නිසා තමයි ජනාධිපතිවරණය නොපවත් වන්න උත්සාහ කරන්නේ. මේ කුප්‍රකට උත්සාහ සේරම තව මාස තුනකට පමණයි සේමා වෙන්නේ. ඉදිරියදී බලයට එන මාලිමාවේ ආණ්ඩුවතුල මේ සෙල්ලම බැහැ.
සෙනෙවිරත්න Saturday, 20 July 2024 05:24 PM
මේක මාර වැඩක්, වාර්තාව හැැදුවෙ තනියමද ? හර්ෂ මේ වෙලාවෙ රටට අහිතකර වාර්තාවක් හැදුවකියන එක පිළිගන්න බැහැ, මෙතන වෙන්නෙ රනිල් ටිරාන් හවුල කොමිස් පාර වලක්වනවට විරුද්ධ එකයි, ඒකට පොහොට්ටු බහුතරය පොළඹවන්න ඇති.
R.T.sarath Sunday, 21 July 2024 11:03 AM
හොරු වෙනුවෙන් හොරු, මොවුන්ගේ ගෙවල් විතරක් අරගලේදී පුච්චලා නැවතුණු එක වැරැදියි. මොවුන්ව එල්ලා දැම්මා නම් පසුගිය වසර දෙකට ඩොලර් කෝටි ගණනක මහජන මුදල් ඉතුරු වෙනවා. මේ වීසා හොරකම ඇස් පනාපිටම ඔප්පුවෙලා තිබෙනවා...
nanda Sunday, 21 July 2024 04:53 PM
මේ කවුරුවත් ආපසු පාර්ලිමේන්තු එවන්න හොඳ නෑ. මොවුන් නිකන් පඹයෝ වගේ...