
(අංජුල මහික වීරරත්න)
පැරණි ක්‍රමවේදය අනුව වීසා ලබා ගැනීමේ හැකියාව අද මැදියම් රැයේ සිට සියලුම විදේශිකයන්ට හිමිවන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
වීසා ලබා දීමේ පහසුකම VFS ආයතනයට ලබා දීමෙන් ජනතාව විශාල පීඩාවකට පත් වූ බව කී අමාත්‍යවරයා විශේෂයෙන් ලංකාවට පැමිණෙන විදේශිකයන්ට වීසා ලබා ගැනීමේ දී ගැටළුකාරී තත්ත්වයකට මුහුණ දීමට සිදු වූ බව පැවසීය.
ඒ නිසා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් අධිකරණ තීන්දුව අනුව ගෙවී ගිය පැය 24ක කාලයේ පැරණි ක්‍රමවේදය අනුවම විසා ලබාදීම යළි ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ බව අමාත්‍යවරයා සඳහන් කළේය.
ඒ අනුව විදේශිකයන්ට ඉතා පහසුවෙන් මාර්ගගත ක්‍රමය ඔස්සේ වීසා අයදුම් කිරීමට හැකි බවද අමාත්‍යවරයා කීය.
COMMENTS
පෙර වැරදිකරුවන් විසින් දූෂිත නීති නිවැරදි කිරීම ගැන ඔබට බොහෝම ස්තූතියි. මධ්‍යම මිනිසා අල්ලස් නොගැනීම නිසා පෙර ක්‍රමය පහසු සහ ඉතා ලාභදායී විය.
සතුටුදායක ආරංචියක් .වීසා අවුල නිසා ලංකාවට එන්ඩත් එපා වෙලා හිටියේ?
අම්බෝ, ලොක්ක ඩවුන්, මට හිරේ යන්න බෑ ...
බොහෝ රටවල් තම ආර්ථිකය සංචාරක ක්ෂේමයේ පදනම් කරගත් විට, විදේශීය සංචාරකයන්ට ඒ රටවල් වෙත පැමිණීමේ ආකර්ෂණය වැඩි කිරීම සඳහා free වීසා ලබා දීමේ ක්‍රමවේද භාවිතා කරයි. මෙවැනි අවස්ථාවලදී, ව්‍යූහගත නීතිමය බාධක ඉවත් කිරීම සංචාරකයන් ආකර්ෂණය කිරීම ඉතා වැදගත්. Free වීසා සැලසුම් කිරීම විශේෂයෙන්ම සැලකිලිමත් විය යුත්තේ විදේශීය සංචාරකයන් මාලදිවයින සහ Bali වැනි ජනප්‍රිය ගමනාන්තයන් වෙත යාම වැලැක්වීමටය. අප රටේ සංචාරක ව්‍යාපාරයට ගෝලීය තරඟකාරීත්වයක් තුළ ඉදිරියට යාම සඳහා, මෙම ගමනාන්තයන් සමඟ තරඟ කිරීමට, free වීසා මඟින් සංචාරකයන්ට වැඩි ආකර්ෂණයක් ලබා දිය හැක. උදාහරණයක් වශයෙන්, වීසා ගාස්තුව ඩොලර් කිහිපයක් පමණ වේ. කෙසේ වෙතත්, එම සංචාරකයන් රට තුළදී වියදම් කරනුයේ දහස් ගණන් ඩොලර් වන අතර, එය රටේ ආර්ථිකයට සැලකිය යුතු වාසියක් ලබා දෙන බව පැහැදිලිය. මේ නිසා වීසා ලබා දීමේදී හෝ වෙනත් ඕනෑම කාර්යාලීය බාධක ඉවත් කිරීම අත්‍යවශ්‍ය වේ.
වීසා ප්‍රශ්නේ නිසා ලංකාවට එන එකත් අතහැරලා හිටියේ. කලින් වගේ ඔන්ලයින් ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම ලොකු දෙයක්?
නියමයි! අපේ මාතෘභූමියට සංචාරක පැමිණීමේ වේගය නැවත ලබා ගැනීමට මෙම තීරණය බෙහෙවින් උපකාරී වනු ඇත.
කරුණාකර රියදුරු බලපත් ප්‍රශ්නේ ගැනත් සොයා බලන්න. ඇමැතිතුමා යන යන තැන කොළ කැබලි සාක්කුවේ දමාගෙන යන එක මහා කරදරයක්..., දැන් අවුරුදු 2 වෙනවා.