(මනෝප්රිය ගුණසේකර)
වීරකැටිය මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ ස්මාරකය ඉදිකිරීමේදී ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් කෝටි තුනකට අධික මුදලක් අවභාවිතා කළැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු හත්දෙනෙකුට එරෙහි නඩුව ලබන ජුනි මස 19 වැනි දා සිට දිනපතා විභාග කිරීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද (23) තීරණය කළේය.
ඒ අනුව පැමිණිල්ලේ සාක්කිකරුවන්ට එදින අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය සිතාසි නිකුත් කළේය.
මෙම නඩුව විභාග කිරීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට බලයක් නොමැති බවට මුල් අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ මහතාද ඉන් පසුව නිසි පරිදි චෝදනා ගොනු කර නොමැති බව සඳහන් කරමින් සෙසු විත්තිකරුවන් සිව්දෙනෙකු විසින් ද ඉදිරිපත් කළ මුලික විරෝධතාවයන් ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගැනීමෙන් පසුව ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය එලෙස තීරණය කළේය.
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු හත්දෙනෙකුට එරෙහි චෝදනා ගොනු කිරීමෙන් මාස 9 ක පමණ කාලයකට පසු මෙම නඩුව විභාග කිරීමට මෙලෙස නියම විය.
ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ විනිසුරු මඩුල්ලට මහාධිකරණ විනිසුරුවරුන් වන සම්පත් විජේරත්න (සභාපති විනිසුරු) සම්පත් අබේකෝන් සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීහු ඇතුළත් වෙති.
දණ්ඩ නිති සංග්‍රහය යටතේ සහ පොදු දේපළ විෂයෙහි ලා සිදුකරනු ලබන වැරදි පිළිබඳ පනත යටතේ විත්තිකරුවන් මෙම වැරදි සිදුකර ඇති බවද නීතීපතිවරයා ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට දැනුම් දී ඇත.
ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ දෙවැනි නඩුව ලෙස නීතීපතිවරයා විසින් පොදු දේපළ පනත සහ දණ්ඩ නීතී සංග්‍රහය යටතේ පවරන ලද මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස හිටපු ආරක්ෂ ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සභාපති ලියන ආරච්චිගේ ප්‍රසාද් හර්ෂාන් ද සිල්වා, එම සංස්ථාවේ හිටපු සාමාන්‍යාධිකාරී භද්‍රා උදුලාවතී කමලදාස, සුධම්මික කේමින්ද ආටිගල, සමන් කුමාර ගලප්පත්ති, එම්.ඩී. මහින්ද සාලිය සහ එම්.ඒ. ශ්රිමති මල්ලිකා කුමාරි සේනාධීර යන හත්දෙනා නම් කොට ඇත.
මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකරුවෝ අධිකරණයේ පෙනී සිටියහ.
මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී පළමුවැනි විත්තිකාර ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා කරුණු ඉදිරිපත් කරමින් තම සේවාදායකයාගේ රෝගී තත්වයකට ප්‍රතිකාර ගැනීම සඳහා ඔහුට සිංගප්පුරුවට යෑමට අවසර දෙන්නැයි ඉල්ලා සිටියේය.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා කරුණු ඉදිරිපත් කරමින් විත්තියේ ඉල්ලීම සම්බන්ධයෙන් තමන්ගේ විරුද්ධත්වයක් නැතැයි පැවසීය.
පැමිණිල්ල වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ වසන්ත පෙරේරා සහ රජයේ නීතීඥ උදාර කරුණාරත්න යන මහත්වරු සමඟ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා පෙනී සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැම ගෙදරම. දෙවියන්ට පහනක් පත්තුකරලා හොරුන්ට දඩුවම් පමුණුවන්න ඉල්ලන්න. නිතිය කාටත් එකයි කියල තරුණයින්ට ආදර්ශයක් වෙන්න. ඕන. වයසක කට්ටිය රට යහ මගට ගන්න නම්
මේ වතාවේ මොන දහම් ගැටයක් ගහයිද?
මොවුන්ට දැන් හරි නීතිය ක්‍රියාත්මක වුණොත් රටේ අකටයුතුකම් හුඟක් දුරට නවතිනවා.
මේ නම් අහන නඩු නෙමෙයි. අවුරුදු ගණන් රස්තියාදු කරන නඩු.
මෙයා ජනපති වෙන්න යන්නේ එනිසා නඩුව විසිවෙයි.
මෙවැනි සරල නඩුවකට මුහුණ දීමට ඇතමුන් බිය වන්නේ ඇයි? තමන් වරදක් කර නැති නම් තමාගේ නිර්දෝෂී බව ඒත්තු ගැන්වීමට මෙය අවස්ථාවක් කර ගැනීම නේද සුදුසු.
ගෝඨාගේ ජනාතිපති සිනිනය ඉවරයි වගේ.
මිලියන ගණන් වංචා, නඩු අමතක කරලා රුපියල් කෝටි 3කට නඩුව ජුනි 19 සිට දිනපතා විභාගයට ගන්න රහස මොකද්ද... ජනතාව ගොනාට අන්දන්න නේද?
කට්ටියක් ජනාධිපති කරවන්න හදන්නෙ මාර ලෙඩෙක්වනෙ.. නඩුව අහන්න එපා කියල, ඒක හරි නොගියම දැන් බෙහෙත් ගන්න සිංගප්පූරු යන්න ඕනෙලු.