
(ලසන්ත නිරෝෂණ පෙරේරා)
කහවත්ත, මාදම්පේ මාළු වෙළෙද මධ්‍යයස්ථානය හෙට දින (22) වසා දැමීමට තීරණය කළ බව ගොඩකවෙල ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රියන්ත බණ්ඩාර මහතා පැවසීය.
මෙම මාළු වෙළෙද මධ්‍යයස්ථානයට දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට ලොරි රථවලින් මාළු රැගෙන එන වෙළෙදුන් සිටින නිසා ආරක්ෂිත ක්‍රියාමාර්ගයක් ලෙස මෙම පියවර ගෙන තිබේ.
කහවත්ත, මාදම්පේ මාළු වෙළදපොළෙන් මාළු තොග වශයෙන් මිලදී ගෙන රටේ විවිධ ප්‍රදේශවලට බෙදාහැරිමට වෙළෙදුන් සිය ගණනක් පැමිණෙති. දැනට 22 වනදා පමණක් වසා දමන මෙම මත්ස්‍ය වෙළෙද පොළ තවදුරටත් වසා දමන්නේද යන්න හෙට තීරණය කරන බවද ගොඩකවෙල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පැවසිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන මාළු කඩද? රටේම තියන සියලුම මාළු කඩ වහලා කුනු වෙච්ච සැමන් කැව්වා නම් තමයි රටේ ජනතාවට හොඳට ජීර්ණය වන්නේ..
ආයෙත් ඇරපුවම අපට කුනුමාළුත් කවයි එහෙනම්.