
(විමුක්ති එස් රුද්‍රිගු)
හිස්බුල්ලා, හවුති, හමාස්, ජිහාඩ් සංවිධානවලින් සහ ඉරානයෙන් එල්ල විය හැකි ප්‍රහාරයකදී ඊශ්‍රායලය ආරක්ෂා කිරීම සඳහා අමතර යුද නෞකා සහ ප්‍රහාරක ජෙට් යානා යෙදවීමට තීරණය කළ බව පෙන්ටගනය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
මිසයිල ප්‍රහාරයක් එල්ල වුවහොත් ඉන් ඊශ්‍රායලය ආරක්ෂා කිරීම සඳහා අමතර බලඇණි යෙදවීමටද ඇමෙරිකාව සූදානම් බව පෙන්ටගනය පැවැසුවේය.
ඕමාන බොක්කේ රඳවා ඇති යූ.එස්.එස් තියඩෝර් රූස්වෙල්ට් නාවික ප්‍රහාරක කණ්ඩායම ආපසු කැඳවීමටත් ඒ වෙනුවට වඩා බලවත් යූ.එස්.එස් ඒබ්‍රහම් ලිනක්න් නාවික ප්‍රහාරක කණ්ඩායම ඕමාන බොක්කේ රැඳවීමටත් තීරණය කර තිබෙන බව පෙන්ටගනය ප්‍රකාශ කළේය.
එසේම මිසයිල විනාශ කිරීමේ හැකියාව ඇති යුද නෞකා සහ ගුවන් යානාද ඊශ්‍රායලයේ ආරක්ෂාව වෙනුවෙන් මැද පෙරදිග කාලාපයට පිටත්කර හරින බව පෙන්ටගනය සඳහන් කළේය.
හමාස් දේශපාලන අංශ නායක ඉස්මයිල් හනියේ පසුගියදා උතුරු ටෙහෙරාන්හි ඔහු රැඳී සිටි ආගන්තුක නිවසේදී ඝාතනයට ලක්වීමත් සමඟ ඉරාන උත්තරීතර නායක අලි කමේනි ඊශ්‍රායලයට කෙළින්ම පහරදීම සඳහා අණ ලබාදුන් අතර ඒ හේතුවෙන් ඉදිරි දින කීපයේදී ඊශ්‍රායලයට ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් පවතී.
කෙසේ වෙතත් ඉරානයේ අනුග්‍රහය ලැබෙන හවුති, හමාස් සහ හිස්බුල්ලා සංවිධාන වලින් මෙන්ම ඉරානයෙන් එල්ල වන වෙනත් ඕනෑම තර්ජනයකින් ඊශ්‍රායලය ආරක්ෂා කිරීමට ඇමෙරිකාව කැපවී සිටින බව ඇමෙරිකා ජනධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමත් ඇමරිකාව පාලනය කරන්නෙත් යුදෙව්වන් තමයි.. මොකද ඔවුන්ට ඇමරිකාව තුළ ලොකු බලයක් තියෙනවා. Facebook, WhatsApp, Google ඇතුළුව මාධ්‍ය ආයතනය වල ඇමරිකානු හිමිකරුවන් වන්නේ යුදෙව්වන්... අනික මිලියන 7.5 ක් යුදෙව්වන් ඇමරිකාවේ ජීවත් වෙනවා. ඒ නිසා ඇමරිකාවට පුළුවන් කමක් නෑ. අත නොදමා ඉන්නට... යුදෙව්වන් ලෝක ජනගහනයෙන් 0.2 % ක් වුණාට නොබෙල් ත්‍යාග ලාභීන් අතර 22% ක්ම...
කොහොමත් ඊශ්‍රායලය ඇමෙරිකාව අයගේ ලොකු සින් වැඩියි... ඇයි එතකොට අනික් වුන්ගේ මොන කල්ලියේ වුනත් බල්ලෝ කුකුල්ලෝ වගේ බෝමබ වලට වෙඩි උණ්ඩ වලට පන දිලා මැරිලා යන්න ඕනැ..
හොඳයි
අරාබි ආසියාවේ මිනිසුන්ට සලකන ආකාරය කෙතරම් ප්‍රචණ්ඩද, ඒ සඳහා ඔබ සෞදියේ හෝ ඩුබායි හෝ කටාර් යන රටවලට ගොස් බලන්න, අනෙක් අතට බටහිර මිනිසුන්ට සලකන ආකාරය ඉතා වෙනස් ය. මෙම අත්දැකීම ඇති කිසිවකු කිසිදා සහාය නොදක්වයි අරාබිවරුන් සඳහා.
කොහොමත් ඔය ත්‍රස්තවාදියෝ මරන්න ඕනි.ඔය ඔක්කොම ත්‍රස්තවාදී සංවිධාන ඉවරයක්ම කරලා දාන්න ඕනි .