
(රංජිත් රාජපක්ෂ)
මද්දකට හසු වි සිටි කඳුකර කොටියා මියගිය බව නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරිහු පවසති.
මස්කෙලිය ලකම් වතුයායේ වතු නිවාස පේලියකට ආසන්නයේ කදුකර කොටියකු මන්දක් සමග අලිගැටපේර ගසක පාමුල සිර වි සිටින බව එම වතුයායේ වතු කම්කරුවන් උදැසන 6 ට පමණ නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින් වෙත දැනුම් දි ඇත.
මන්දට හසු වි සිටි කදුකර කොටියා නිර්වින්දනය කර මුදා ගැනිමට අවශ්‍ය විම හේතුවෙන් නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින් ඒ පිලිබදව රණ්දෙණිගල වනජිවි පශු වෛද්‍ය රෝහලේ පශු වෛද්‍ය අකලංක පිණිදෙණිය මහතා වෙත දැනුම් දුන් විට පශු වෛද්‍යවරයා අනුරාධපුර ප්‍රදේශයේ සේවා කටයුත්තක් සදහා ගොස් අනුරාධපුර සිට මස්කෙලිය ලකම් වතුයාය දක්වා පැමිණෙමින් සිටියදි මන්දට හසු වි සිටි කදුකර කොටියා මියගොස් ඇත.
හොදින් වැඩුණු කදුකර කොටියා මන්දෙන් බේරිම උත්සහ කිරිම නිසා සහ වැඩි කාලයක් මන්දට හසු වි සිටිම හේතුවෙන් සිදු වු බරපතල තුවාල නිසා මිය යන්නට ඇති බව නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින් පැවසිය.
2025 දෙසැම්බර් මස 18
642
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
307
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මද්දට අසු වූ කොටියා මරුට