
(රංජිත් රාජපක්ෂ)
මද්දකට හසු වු කදුකර කොටියකු මද්ද කඩාගෙන ගොස් ගසක් මැද සිර වි සිටින බව නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා පවසයි.
හැටන් පොලිස් වසමට අයත් වනරාජා වත්තේ සමර්හිල් කොටසේ තේ වත්තේ යුකෙලෙප්ස්ටික් ගසක අද දින කදුකර කොටියා සිර වි ඇත.
තේ වත්තේ සැරිසරන කදුකර කොටියන් සහ වල් ඌරන් දඩයම් කිරිම සදහා කිසියම් පිරිසක් විසින් අටවන ලද මන්දකට හසු වු කදුකර කොටියා එම මන්ද කඩාගෙන දිවවිත් එය ගලවාගැනිමට ගසට නැග ඇති අතර, එහිදි කදුකර කොටියා ගසක මැද සිර වි ඇත.
ගස මැද සිර වි සිටින කදුකර කොටියා රණ්දෙණිගල පශු වෛද්‍ය රෝහලේ වෛද්‍ය අකලංක පිණිදෙණිය මහතාගේ සහයෝගයෙන් නිර්වින්දනය කර බිමට රැගෙන කදුකර කොටියාට ප්‍රතිකාර ලබාදිමට සැලසුම් කර ඇති බවයි ප්‍රභාෂ් කරුණාතිලක මහතා කියා සිටියේය

2025 දෙසැම්බර් මස 18
533
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
270
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මද්ද සමග කොටියා ගසේ එල්ලෙයි
Gamunu Sunday, 07 August 2022 08:12 PM
වෛද්‍ය අකලංක පිණිදෙණිය මහතාගේ සහයෝගයෙන් නිර්වින්දනය කර බිමට රැගෙන කඳුකර කොටියාට ප්‍රතිකාර ලබාදිමට සැලසුම් කර ඇති බවයි ප්‍රභාෂ් කරුණාතිලක කියා සිටියත් අවසානයේ නිර්වින්දනයකින් තොරව ගස කපා කොටිය බේරාගැනීමට කළ තීරණය නිසා අවසානයේ කොටියාගේ ජිවිතය සහ ගසත් පරිසරයට අහිමිවිය. ගස කපා කොටියා බේරාගැනීමට තීරණය ගත් පුද්ගලයන් පිළිබඳව සහ ඔවුන්ට දඬුවම් ලබාදිය හැකි වරදක් නොවේද? මෙම කපනලද ගසට යටවීම නිසා පුද්ගලයකුට හානිවුයේනම් වගකියන්නේ කවුද?
Rohana Sunday, 07 August 2022 10:27 PM
එළුවාගෙ මූන මුට්ටිය ඇතුලට ගියාම මුට්ටිය බේරගන්න එළුවගෙ බෙල්ල කපන්න කිව්ව මහදැනමුත්තා ක්‍රමයේ වැඩක් කරල තියෙන්නෙ. අන්තිමට එළුවත්නෑ මුට්ටියත් නෑ.
Athula Monday, 08 August 2022 01:52 AM
රටකට මොනතරම් වටිනා ස්වභාවික සම්පත් ප්‍රමාණයක් සතා සීපාවා අනෙකුත් මහඟු දායාද වනසෙනවද..? කිසිම වටිනාකමක් නොදන්න සමාජයක් නිර්මාණය කල උන්ට දඬුවම් කළ යුතුයි... පුදුම දුකක් ඇතිවෙන්නේ අපේ රටේ පාලකයෝ ගැනත් ඔවුන් විසින් නිර්මාණය කළ සමාජය ගැනත්