(නිමන්ති රණසිංහ)
පිලිකා රෝගීන් සහ වකුගඩු රෝගීන්ගේ සැත්කම් සදහා මුදල් පරිත්‍යාග කරන ලෙසට සදහන් පුවත්පත් දැන්වීම්වලට අමතා මුදල් පරිත්‍යාග කරන බව පවසමින් ඔවුන්ගේ තොරතුරු ගෙන අන්තර්ජාල මුදල් හුවමාරු මෘදුකාංගයක් ඔස්සේ රුපියල් කෝටියකට අධික මුදලක් වංචා කළැයි කියන එරාවුර් ප්‍රදේශයේ පදිංචි පරිගණක මෘදුකාංග ශිල්පියෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අද (12) අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම සැකකරු ඕස්ටේ්‍රලියාවේ මෘදුකාංග ශිල්පියකු ලෙසින් උපාධිය හදාරා මෙරටට පැමිණ සිටි පුද්ගලයකු බවත් මොහු පුවත්පත් දැන්වීම් මගින් අදාළ රෝගීන්ගේ මුදල් අවශ්‍යතාව තහවුරු කරගනිමින් මෙම මුදල් වංචාව සිදුකර ඇති බවත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය සදහන් කළේය.
සැකකරු අසරණ රෝගීන්ගේ තොරතුරු සොරා ගනිමින් වංචා සහගත ලෙස මෙම මුදල ලබා ගෙන ඇත්තේ අන්තර්ජාල මුදල් හුවමාරු මෘදුකාංගයක් ඔස්සේ වෙනත් බැංකු ගිණුම් ආරම්භ කරගනිමින් බවද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්ත-ුව ප්‍රකාශ කළේය.
සැකකරු මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
මෘදුකාංග ශිල්පියා කෝටි ගණනකට විදලා
ගමේ එකාලා Monday, 12 September 2022 08:56 PM
අහිංසක රෝගීන් ගසාකන පවුකාර වැඩ මේවා.