(රංජන් කස්තුරි)
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද(22) දහවල් ජනධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ විශේෂ දුරකතන සංවාදයක නිරත වූ අතර ශ්‍රී ලංකාවේ සිදු වූ සිද්ධිය සම්බන්ධයෙන් බලවත් කනගාටුව පළකළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
ශ්‍රී ලංකාවට මුහුණදීමට සිදු වූ මෙම කනගාටුදායක සිදුවීම සම්බන්ධයෙන් පෞද්ගලිකවත්, රජය වෙනුවෙනුත් ජනාධිපතිතුමා වෙත සිය බලවත් කනගාටුව පළ කළ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ත්‍රස්තවාදය මර්දනය සඳහා අවශ්‍ය ඕනෑම සහයක් ඕනෑම මොහොතක ලංකාවට ලබාදීමට සූදානම් බවද පවසා ඇත.
ඉන්දීය රජයත්, ජනතාවත්, ශ්‍රී ලාංකේය සහෝදර ජනතාව සහ රජය සමඟ අත්වැල් බැඳගන්නා බවද, දෙරටේ සමීප සබඳතාව සහ සුහදතාව වඩා ශක්තිමත්ව ඉදිරියට පවතින බවද කියා සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය පළ කළ නිවේදනයේ සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඔව්. කලිනුත් අපිට හිටු කියල උදව් කලානේ ත්‍රස්තවාදීන්ව නැති කරන්න.
ආවේ ඉන්දියාවෙත් ඉඳලා නේද? මෙයලාත් සැකයි අපිට නම්... එයාලගේ මීඩියා විසින් ප්‍රහාරය වෙලා පැය කීපයකින් නම් ගම් එක්ක මරාගෙන මැරෙන ප්‍රහාරයක් කියලා නිගමනය කරේ කොහොමද කියලා හොයලා බලන්න වෙනවා. මෙයාලා ඉතිහාසයේ සිටම රට අස්ථාවර කරන බලවේග වලට උදව් උපකාර කරපු යාලුවෙසින් ඉන්න මිනීමරුවෝ.
මෝදි දන්නැතිව ඇති ලංකාවේ ඉන්නේ හිතුවක්කාර, අත්තනෝමතික පාලකයන් යැයි කියා.. ආරක්ෂක ඇමැති ලෙස ජනපති වගකීම බාරගත යුතුයි. පොලිසියත් එතුමගේ භාරයේ... රට යද්දී වැඩබලන ආරක්ෂක ඇමැති කෙනෙක් පත්කළේ අදූරදර්ශී බව නිසා නේද? රටේ අගමැතිගේ ඉල්ලීම් ගණන් නොගන්නා ලෙස ආරක්ෂක කවුන්සිලයට නියෝග දුන්නේ කව්ද? රට බරපතල ප්‍රශ්න ගොඩක හිරකරලා...
සිංහලෙන්ද?
මෝදිට සිංහල කථා කරන්නත් පුළුවන්...ගොඩක් හොඳයිනේ!!