
( තිළිණි ද සිල්වා )
ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවරදී මේවන විට පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ ලෝක නායක සමුළුව අතරතුර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වී ඇත.
මෙම හමුවීම සම්බන්ධයෙන් සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සදහන් කර ඇත්ත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ග්ලාස්ගෝ නුවර දී හමුවීම සතුට දන්වන්නක් බවයි.
එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ රාජ්‍ය නායක සමුළුව අතර වාරයේදී මෙම හමුවීම සිදුව ඇත.
එහි දී ඔවුන් සුහද පිළිසඳරක නිරත වූ බවද සදහන් වේ.
එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ රාජ්‍ය නායක සමුළුව රටවල් 197ක රාජ්‍ය නායකයන්, රාජ්‍ය නියෝජිතයන්, විද්වතුන් , ව්‍යාපාරිකයින් ඇතුළු ක්ෂේත්‍ර රැසක් නියෝජනය කරමින් විසිපන්දහසක පමණ පිරිසක් එක්ව සිටිති.
මෙම රාජ්‍ය නායක සමුළුව අතර වාරයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂා මහතාට අමතරව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්ස්න් , ඔස්ට්‍රේලියා අග්‍රමාත්‍ය ස්කොට් මොරිසන් ,ජර්මනියේ හිටපු චාන්ස්ලර් ඇන්ජෙලා මර්කෙල් , ඊශ්‍රායල් අග්‍රමාත්‍ය නෆ්තලි බෙනට් , නෙදර්ලන්තයේ අගමැති මාර්ක් රට් යන ලෝක රාජ්‍ය නායකයින් හමුවූ අයුරු දැක්වෙන ඡායාරූප ද ඔහුගේ ට්විටර් ගිණුමටද එක් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උඹනම් නියමයි පුතා .මටත් ඉන්නවා කට ගහ ගෙන එන එකෙක් .උටත් මම උප කුලපති කමක් දෙනවා
ගැනුම්කරු සහ විකුණන්නා අතර සාකච්ඡාව.
එක රටක් එක නීතියක් බලකාය එක්කන් ගියේ නැද්ද?
තව මොනවාද විකුනන්නේ නාකි බමුණට ?
මේ පින්තූර අපේ රටේ කොරෝනා වවන් කන නිලධාරීන්ට පෙනේවා... බොරුවට කොරෝනාවක් අල්ලන් අහිංසක මිනිස්සු හිඟානොකා, හිඟාකන තත්වයට පත්කරලා... බොරු සංචරණ, බොරු මාස්ක්, බොරු වැක්සීන්... අන්තිමට බඩගින්නට කන්න තිබුණු රයිස් දෙගුණයක් කළා...
තේ බොනකොට කැන්ටිමේදී හමුවක් .වෙලාවට වැසිකිලියේදී හමු වුනේ නැත්තේ .එතන කොහොම ෆොටෝ ගහන්නද