
(ගයාන් සූරිය ආරච්චි)
කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් කොළඹ කොටුව ඇතුළත කළ සෝදිසි මෙහෙයුමකදී මත්පෙති කරල් 204,000ක ප්‍රමාණයක් සමඟ සැකකරුවන් සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මට්ටක්කුලිය, රජවැල්ල, වත්තල යන ප්‍රදේශවල පදිංචි 37 ත් 43 ත් වයස්වල පසු වන සිව් දෙනෙකි.
පළමු සැකකරු ඕල්කට් මාවතේ පුද්ගලික බෙහෙත්ශාලාවක් අසලදී මත්පෙති කරල් 6,000 ක් සන්තකයේ තබාගෙන සිටියදී අත්අඩංගුවට පත්වී ඇත.
අනතුරුව මැලිබන්වීදියේ කීර්තිලේන් අතුරුමාර්ගයේදී මත්පෙති 6000 ක ප්‍රමාණයක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු ද පොලිස් නිලධාරීන් කණ්ඩායම අත්අඩංගුවට ගෙන ඇත.
තෙවන සැකකරු මත්පෙති කරල් 180,000 ක් සන්තකයේ තබාගෙන පළමුවන හරස්වීදිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ මත් කරල් විකුණා උපයාගත් බවට සැකකරන රුපියල් ලක්ෂ 04 ක මුදලක් පොලිස් භාරයට ගෙන ඇත.
සිව්වන සැකකරු පිටකොටුව, රතුපල්ලිය ආසන්නයේදී මත්පෙති 12,000 ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd