
(සුජිත් හේවාජුලිගේ )
කෝප් සහ කෝපා ඇතුළු පාර්ලිමේන්තුවේ ප්‍රධාන කමිටු පිහිටුවන යාන්ත්‍රණය වන තේරීම් කාරක සභාව( committee of selection) සඳහා නාම යෝජනා ඉදිරිපත් කරන ලෙස කතානායක සපුමල් රන්වල මහතා ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ නායකයන්ට දැනුම් දී ඇත.
තේරීම් කාරක සභාව ලබන 3 වැනිදා පිහිටුවීමට නියමිතය.
පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු 08 දෙනෙක් සහ විපක්ෂයේ මන්ත්‍රීවරු සිවු දෙනෙක් ඇතුළත් වෙති.
ලබන 03 වැනිදා තේරීම් කාරක සභාවට නම් කෙරෙන මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත.
අනතුරුව තේරීම් කාරක සභාව එදිනම පස්වරුවේ රැස්වී කමිටු පත් කරන ආකාරය සම්බන්ධයෙන් තීරණය කිරීමට නියමිත බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ වාසනාවට අර කළුතරින් දිනපු මහත්තයට නැවත වතාවක් කෝප් සභාපති විදිහට රටට නොසෑහෙන්න සේවය කරන්න පුළුවන්. දැන් ඉතිං අපිටත් නිදහසේ හුස්මක් ගන්න පුළුවන්.
ජොලි සීයයි, මයිනයි එකතු වෙලා කෝප් එකට පත්කළ නූගත්, ගොබ්බ රත්තරන් වගේ අයව පළාතකවත් ගන්න එපා...