
(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවේ මෙතෙක් ක්‍රියාත්මක වූ කෝප්,කෝපා ඇතුළු කමිටු අසූවකට ආසන්න ප්‍රමාණයක් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟ පෙරේදා (24) අහෝසි වී ගියේය.
කෙසේ වෙතත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පමණක් පාර්ලිමේන්තුව විසුරුවා හැරියද අහෝසිවී නොයන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් ලෙස කටයුතු කරන කතානායක විපක්ෂ නායක සහ සෙසු පක්ෂ සහ විපක්ෂ මන්ත්‍රීන්ට එහි සාමාජික තනතුරට පමණක් සීමාවෙමින් මීළඟ සභාව පිහිටුවන තෙක් ඒ තනතුරුවල කටයුතු කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඉඩ ප්‍රස්ථාව සැලසෙන්නේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස මෙතෙක් කටයුතු කළේ හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාය.
එම සභාවේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස අමාත්‍ය විජිත හේරත් මහතා පෙරේදා (24) සිට පත් කරනු ලැබ ඇත.
තවද පාර්ලිමේන්තුවේ නීති බවට පත්ව නොතිබූ පනත් රෙගුලාසි සහ යෝජනා සියල්ලද පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමග අහෝසිවී යන බව පාර්ලිමේන්තු නිලධාරියෙක් පැවසීය.
පාර්ලිමේන්තුවේ කතානායක ධූරය, නියෝජ්‍ය කතානායක ධුරය,නියෝජ්‍ය කාරක සභා සභාපති ධූරය, සභා නායක ධූරය, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරය සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය යන ධූරයන්ද පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟ අහෝසි වී ගියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මීට කලින් මෙහෙම වෙලා නැතිද .දැක්කද අපේ වැඩ
රටේ මාධ්‍ය වලට ප්‍රවෘර්ති නිවේදන අඩු වෙයි
ඔන්න දැන් තියෙනවා වෙලාව ඇවිල්ලා ඔය කමිටු වාර්තා වලින් නිර්දේශ කරපු වංචා දූෂණ වලට වගකිව යුතු අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න. මෙච්චර කල්ප කාලාන්තරයකට ඕවායේ වැරැදි කාරයින් දූෂිතයන් බවට පෙන්නලා දුන්නු කිසිම කෙනෙකුට කිසිම දඬුවමක් ලැබුනේ නැහැ. මෙච්චර කල් මේ රට තිබුනේ මේ ලෝකේ මහා පුදුම රටක් විදියට. මහා පක්ෂ දෙකේ කවුරු හොරකම කළත් අන්‍යෝන්‍ය විදියට දෙගොල්ලන් බේරෙනවා. රටේ මිනිස්සුත් දැන් හරි ආසාවෙන් ඉන්නවා තමන්ට වරද්දපු වින කරපු, රට වනසපු තක්කඩි දේශපාලුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙන හැටි බලන්න.