(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
සමගි ජන බලවේගය පක්ෂයේ ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතාට ධීවර රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා පාර්ලිමේන්තු සංකීර්ණයේ විපක්ෂ නායක කාර්යාලය අසලදී අද දහවල් පහරදීමට උත්සාහ දරා ඇතැයි වාර්තා වේ.
මේ අවස්ථාවේදී එහි සිටි ආණ්ඩුවේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් එම පහරදීමේ උත්සාහය වලක්වා ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්මන් කිරිඇල්ල මහතා පැවසීය.
නානායක්කාර මහතා මැතිසබයේදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස් වීමකින් පසු මෙම පහර දීමේ උත්සාහය සිදුවී ඇතැයි කියති.
මේ අවස්ථාවේදී ස්ථානයට වේත්‍රධාරිවරයා සහ පාර්ලිමේන්තු පොලීසියේ නිලධාරීන්ද පැමිණ ඇතැයි දැනගන්නට ඇත.
මේ සම්බන්ධයෙන් කතානායකවරයාට පැමිණිලි කර සුදුසු ක්‍රියා මාර්ගයක් ගැනීමට බලාපොරොත්තු වන බවද කිරිඇල්ල මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔතන ඉන්න දෙපැත්තම එවුන් එකයි. වරප්‍රසාද වලට මුවාවෙලා එක එකාට මඩ ගහගන්නවා. හරියට රට්ටුන්ට ආදරේට වගේ... ගහගන්න බැරිනම් මරා ගන්නවාලා රට්ටුන්ට වදයක් නොවී. මේ තියෙන කරදර ඇති අපිට...
කතානායක කියයි මනූෂ වැරැදියි කියලා... එයා සාධාරණ තීන්දු ගන්න කෙනෙක්...
ජනතාවට ඇති තරම් ණය බර පටවලා රටටම ප්‍රශ්න මවලා බොරුවට එක් එක්කෙනා රණ්ඩුවෙන සංදර්ශන පෙන්නනවා. පාර්ලිමේන්තු ආවට පස්සෙයි ඒ අය අධ්‍යාපනය හදාරන්නත් බලන්නේ... මේ කොයි අයත් ආයෙ පත්කර නොගත යුතුයි. රණ්ඩු වුනාට දෙගොල්ලොම එකයි.
බැරිද කට්ටියටම ඇතුලේම ගහගෙන, මරාගෙන තොලොංචි වෙන්න..? දෙය්යනේ කියලා පොදු ජනතාවට යහතින් ඉන්න පුළුවන් වෙයි...
මේ වගේ රූකඩයින් ජීවිතේට දැකලා නැහැ....
ලන්කාවේ පාර්ලිමේන්තුවේ ඉන්න සමහර අය,කතා කරන ,හැසිරෙන විදිය බලන්ඩත් අප්‍රසන්නයි . ඒ අයට මොනවා හිතෙනවා ඇත්ද.
ජනතාවගේ ප්‍රශ්න විසඳන්න යන අය...
බැරිද කට්ටියටම ඇතුලේම ගහගෙන, මරාගෙන තොලොංචි වෙන්න..? දෙයියනේ කියලා පොදු ජනතාවට යහතින් ඉන්න පුළුවන් වෙයි... මමත් කියන්නේ එහෙම වෙනවා නම් හරිම සතුටුයි කියලා. ඔක්කෝම තොලොංචිවෙලා යන්න ඕනේ... නැතිනම් රටට හරියන්නේ නෑ.