IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


මැතිසබා සේවකයන්ගෙන් ජනපතිට පැමිණිල්ලක්?

(සුජිත් හේවාජුලිගේ)

නිවාඩු හිලව් දීමනාව අවලංගු කිරීමේ තීරණය වෙනස් කරගන්නැයි  පාර්ලිමේන්තු සේවකයෝ  ජනාධිපතිවරයා හමුවී ඉල්ලීමක් කිරීමට  සූදානම්  වෙති.

ජනාධිපතිවරයා  ලබන සතියේ පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිත හෙයින්  ඒ අවස්ථාවේදී මෙම ඉල්ලීම කිරීමට බලාපොරොත්තු වන බව  එහි සේවකයෝ පවසති.

පාර්ලිමේන්තු සේවකයන්ගේ නිවාඩු හිලව් දීමනාව අවලංගු කිරීමට රජය තීරණය කර ඇත්තේ  ආර්ථික දුෂ්කරතා සැලකිල්ලට ගෙනය.

එසේම පාර්ලිමේන්තු සේවකයන්ට පමණක් මෙම දීමනාව ගෙවනු ලැබුවහොත් රාජ්‍ය සේවයේ ගැටලුකාරී තත්වයක් මතු වනු ඇතැයි
ආර්ථික විශේෂඥයන් රජයට පෙන්වා දී ඇත.

පාර්ලිමේන්තු සේවකයන්ට මෙම නිවාඩු හිලව් දීමනාව දිගු කාලයක් තිස්සේ ගෙවනු ලැබුවේය.

නිවාඩු හිලව් දීමනාව අවලංගු කිරීම හේතුවෙන් පාර්ලිමේන්තු සේවකයන් අතරේ දැඩි නොසන්සුන්තාවක්  මතුව අැත

සමහර සේවකයන් පවසන්නේ  මෙම නිවාඩු දීමනාව අවලංගු කරන්නේ නම්  බලධාරීන්  එය කල් තියා දැනුම් දීමට කටයුතු කළ යුතුව තිබුණු බවයි. එසේ කල්තියා  දැනුම් දී තිබුණේ නම් තමන්ට හිමි  නිවාඩු ලබා ගැනීමට හැකියාව තිබූ බවද  ඔවුහු පෙන්වා දෙති.



අදහස් (3)

මැතිසබා සේවකයන්ගෙන් ජනපතිට පැමිණිල්ලක්?

සෙනෙවිරත්න Friday, 03 January 2025 04:46 PM

නිවාඩු ගන්නේ බොරුවටද? නිවාඩුව කියන්නේ අයිතියක් නොව වරප්‍රසාදයක් යැයි පත්වීම් ලිපියේ දක්වා ඇත...!

:       4       20

සෙනෙවිSaturday, 04 January 2025 10:21 AM

වෙනත් රජයේ සේවකයින්ට එම නිවාඩු මතු දිනයකදී හෝ ලබාගත හැකියි. මොවුන්ට එම අවස්ථාවත් අහිමි වී ඇති බවක් පේනවා. ඒක අසාධාරණයි. මම රජයේ විශ්‍රාමිකයෙක්.

:       0       3

BANDULASaturday, 04 January 2025 05:56 PM

සමහර බැංකු, සංස්ථා වල එහෙම දැනටමත් ගෙවනවා...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 572 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site