
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මැතිසබයේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ සේවිකාවන්ට සිදුවන්නේ යැයි කියන ලිංගික හිරිහැර සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් පැවැත්වීමට පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා විසින් කමිටුවක් පත් කරනු ලැබ ඇත.
පාර්ලිමේන්තුවේ පරිපාලන කටයුතු බාර අධ්‍යක්ෂිකා ඉන්දිරා දිසානායක මහත්මිය මෙම කමිටුවේ සභාපතිනිය ලෙස කටයුතු කරන්නීය
කමිටුව පරීක්ෂණ ආරම්භ කිරීමෙන් පසු එම දෙපාර්තමේන්තුවේ සේවිකාවන්ගෙන් ඊයේ (08) ප්‍රශ්න කර කට උත්තර සටහන් කරගෙන ඇති බව එහි ආරංචි මාර්ග සඳහන් කරයි.
විමර්ශනවලදී සේවිකාවක තමාට ලිංගික වශයෙන් අඩන්තේට්ටම් සිදුවූ බවට පැහැදිලිවම කරුණු අනාවරණය කර ඇතැයි එම ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
එසේම මෙම සිද්ධිය සම්බන්ධයෙන් බාහිර විමර්ශනයක් පවත්වන ලෙස සේවකයෝ පිරිසක් කතානායකවරයාගෙන් ඉල්ලීමක් කිරීමටද සූදානම් වෙති.
මේ අතර පාර්ලිමේන්තුවේ ගෘහ පාලන දෙපාර්තමේන්තුවේ ඇතැම් රූමත් සේවිකාවන්ට සිදුවී ඇතැයි පැවසෙන ලිංගික හිරිහැර සම්බන්ධයෙන් හිටපු විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු විමර්ශනයද අවසන් කර එහි වාර්තාව බාරදී ඇතැයි වාර්තා වේ.
එම කමිටුව ඉදිරිපත් කර ඇති නිර්දේශ අනුව පාර්ලිමේන්තු ප්‍රධානීන් විසින් මේ සති අන්තයේදී එම සිද්ධියට චෝදනා ලැබූ ප්‍රධානියා ඇතුළු තිදෙනා සම්බන්ධයෙන් සුදුසු ක්‍රියා මාර්ගයක් ගැනෙනු ඇත.
එම ලිංගික හිරිහැර සිද්ධිය සම්බන්ධයෙන් ගෘහ පාලන දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ඇතුළු තිදෙනා වැඩ තහනම් කරනු ලැබ සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමත් කැමතී කමිටුවට එන්න ප්‍රායෝගික වැඩ මුලු තියලා පුහුණුව දෙනවානම්.
පාර්ලිමේන්තුවෙන් බැහැර කණ්ඩාමක් මූලික විමර්ශනය සදහා පත්කිරීම තමයි වඩාත්ම සුදුසු වෙන්නෙ .අභ්‍යන්තරයෙන් පත්කලොත් සුලුවෙන් හෝ පක්ෂෂග්‍රාහීව කටයුතු කරන්න ඉඩක් ඇති කියල සැකයකුත් ඇතිවෙනවා
ඕනෑම ස්ථානයක දියුණුවක් අවශ්‍යනම් එතන නීතියේ ආධිපත්‍ය හා විනය පැවතිය යුතුවේ."