IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මැතිසබේ ලොක්කන්ගේ තෙල් කපන්නේ මෙහෙමයි


(සුජිත් හේවාජුලිගේ )

පාර්ලිමේන්තු මහලේකම් ඇතුළු ප්‍රධානීන්ට වෙන් කෙරෙන තෙල් කෝටාව අඩුකරමින්  විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරනු ලැබ ඇත.

මේ අනුව පාර්ලිමේන්තු මහ ලේකම්වරියට මින් ඉදිරියට   මාසයකට හිමි වන්නේ තෙල් ලීටර් 220කි.එය  අමාත්‍යාංශ ලේකම්වරයකුට හිමිවන ඉන්ධන ප්‍රමාණය වේ.

මේ දක්වා මහලේකම්වරියට  සීමාවකින් තොරව ඉන්ධන සැපයීම කෙරිණ.

මෙයට අමතරව නියෝජ්‍ය මහ ලේකම්වරයාට හිමිවන ඉන්ධන ප්‍රමාණයද   මාසයකට  ඉන්ධන ලීටර් 165ක් දක්වා අඩු කර ඇත. සහකාර මහලේකම් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට හිමිවන ඉන්ධන ප්‍රමාණය  මාසයකට ඉන්ධන ලීටර් 135ක් වශයෙන්ද  මහලේකම්වරියගේ සම්බන්ධීකරණ ලේකම්වරියට  හිමි වන ඉන්ධන ප්‍රමාණය  මාසයකට ඉන්ධන ලීටර් 115ක් වශයෙන්ද  අඩුකර ඇති බව එම චක්‍රලේඛයේ දැක්වේ.

පසුගිය 7 දාතමින් යුතුව නිකුත් කර ඇති  මෙම චක්‍රලේඛය අනුව එම ඉන්ධන සීමා පසුගිය 2 වැනිදා සිට ක්‍රියාත්මක වන්නේය.

පසුගිය කාලයේදී පාර්ලිමේන්තු ප්‍රධානීන් අසීමිතව ඉන්ධන පාවිච්චි කර ඇති බවට තොරතුරු අනාවරණය වීමෙන් පසුව ඔවුන්ට මාසිකව සැපයෙන ඉන්ධන ප්‍රමාණ අඩු කිරීමට පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක  සභා රැස්වීමේදී පසුගියදා තීරණය කෙරිණ.



අදහස් (2)

මැතිසබේ ලොක්කන්ගේ තෙල් කපන්නේ මෙහෙමයි

V.K.Lankaputhra Monday, 12 May 2025 11:06 AM

අන්න ඒවා තමයි හොඳ වැඩ... මේවා ගැන ඒ ගොල්ලන්ට වඩා රුදාව අල්ලන්නේ අනික් පක්ෂවල අයටයි.

:       0       0

PGPTHILAK Monday, 12 May 2025 01:08 PM

සුදු කරපටි නිලධාරීන්ට ඔච්චර දීමනා පහසුකම් මේ රටට ඔරොත්තු දෙන්නේ නෑ! අනෙක පාර්ලිමේන්තුවේ වැඩ කරන අය ගෙදර යනවා එකෙක්ට එනවා විතරයි නේ! ඔය හැම නිලධාරීයාටම කොළඹ ගෙවල් දෙක තුන තියෙනවා...! ආණ්ඩුව කළයුත්තේ රජයේ නිලධාරීන් මාසයකට ගන්න පඩි දීමනා ප්‍රසිද්ධ කිරීමයි! අනෙක් අතට රට බංකොළොත් බවින් මිදුනා කීවාට රටේ ආදායම් වැඩි වුනෙත් නෑ! වියදම් අඩුවුනේත් නෑ! මහ බැංකු අධිපතියා දෙගුණයක් අගෙයි එයාගේ ගෝල බාලයින්ගෙයි පඩි වැඩිකරගත්තා! අනුර ජනාධිපති රජයේ සේවකයින් හැමෝගෙම පඩි රටට ඔරොත්තු නොදෙන විදියට වැඩි කළා! මේ ළඟදී කීවා රජයේ ඉහළ නිලධාරීන්ට හොඳ වැටුප් වැඩිවීමක් දෙන්න ඕනෑලු! කමේ ගමනේ අවසානය කොතැනද?

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 272 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site