
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තුවෙන් මාධ්‍යවේදීන්ට අද (23) දහවල් බත් සමග ලබාදුන් හාල් මැස්සන් බැඳුමේ තිබී අඩියකට ආසන්න දිග ගෝනි නූලක් හමුවිය.
මාධ්‍යවේදියකු ආහාර ගනිද්දී ඔහුට මෙම ගෝනි නූල හමු වීමෙන් පසු ඔහු ඒ අවස්ථාවේදීම භෝජන අංශයේ ප්‍රධානීන්ට ඒ සම්බන්ධයෙන් පැමිණිලි කර ගෝනි නූල ඔවුන්ට බාරදී ඇත.
හාල්මැස්සන් බැදුමේ තිබී ගෝනි නූල හමුවීමෙන් පසුව සමහර මාධ්‍යවේදීහු ඒ මොහොතේම ආහාර ගැනීම නවතා දැමූහ.
මේ අතර පාර්ලිමේන්තු භෝජන අංශයෙන් මාධ්‍යවේදීන්ට ඊයේ දහවල් සැපයුණු ආහාර වර්ග දෙකකින් පිළුණු රස දැනුණු බව ඔවුහු සඳහන් කරති.
පාර්ලිමේන්තුවේ භෝජන අංශයෙන් සැපයුණු ආහාරවල තිබී පණුවන් ප්ලාස්ටික් කැබලි තංගුස් නූල් කැබලි වැනි දෑ මෙයට පෙරද වරින් වර සොයා ගැනිණ.
මේ අතර පාර්ලිමේන්තුවේ භෝජන අංශයෙන් පෙරේදා(22) සැපයුණු මාළු විෂවීමෙන් පොලිස් නිලධාරීහු දෙදෙනෙක් දැඩි ලෙස රෝගාතුරව නාරාහේන්පිට පොලිස් රෝහලට ඇතුළත් කරනු ලැබූහ.
පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථානයෙන් මූලික ප්‍රතිකාර ලබාදීමෙන් පසුව ඔවුන් රෝහල කරා රැගෙන ගියේ ගිලන් රථයකිනි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතාගේ නියමයෙන් පරීක්ෂණයක් දැනටමත් ආරම්භවී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දොස් කියන්න බැහැ. දැන් ගණන්වල හැටියට, කොහු ලණු දාන්න බැරුව ගෝනි නූල් දානවා ඇති...
ඔහොම තමයි ඉතින් වියදම් කපා හැරියාම. කාටත් අමාරු කාලයක්...!
මැති සබේ උන්දැලාට අඩුගානෙ බත්වේලක් එක්ක හාල් මැස්සොත් එක්ක ගෝනි ලණු හරි කන්න පින් කරලා තියෙනවා. නැතිබැරි පවුල්වලට මැස්සෙක්වත් නැහැ. උන්ව කාලා හරි බඩ පුරවා ගන්නවා. හුළං තමයි අනිත් අය බොන්නේ. ඇයි ඉතින් කෑම තියෙන තැන්වලටනේ මැස්සෙක් හරි එන්නේ...
සමහර අය ජනතාවට කොච්චර ලණු දෙනවද?
දේශපාලකයින්ට බැන බැන ඒ භෝජනාගාරවලින්ම ආහාර ගන්නේ ඇයි? ඒ ආහාර ප්‍රතික්ෂේප කළ යුතු නොවේද?
ඔතන ඉන්න දූෂිත දේශපාලුවන් ජනතාවට දෙන ලණුවල හැටියට ලණු උයලා කන්න දෙන්නයි වටින්නේ...
ගෝනි නූල් කියන්නේ වස නොවෙයිනේ? ඔහොමවත් කන්න නැති මිනිස්සු රටේ ඉන්නවා. ඔන්න ඔය නූල් කෑල්ල අහක දාලා හෝ නූල් කෑල්ලත් එක්ක ඔය බත්ටික කන්න.
මැති සභාවට යන ලොකු කුඩා කවුරුත් පිනට කෑම බලන් නැතුව ගෙදරින් බත් එකක් අරන් ගියානම් ප්‍රශ්නේ අහවරයි.
ගරු මාධ්‍යවේදී මහත්වරුනි, මහත්මියනි, මේ පිළිබඳව පැහැදිලි කිරීමක් කිරීමට අවසර දෙන්න. ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව කියන්නේ මහජන මුදලෙන් නඩත්තුවන ඌරු කොටුවක් බව ඔබසැම හොඳින්ම දන්නා කරුණකි. මෙහි ආහාර පිළිවෙල කරන්නේ ක්‍රම දෙකකටයි. මේ ඌරු කොටුවේ දැනට 225 කට ආසන්න ප්‍රමාණයක් ඇත. ඒවගේම මේ සතුන් බලාගැනීම සඳහා " මිනිසුන් '' සෑහෙන ප්‍රමාණයක් සිටිති. මුලින්ම ආහාර පිළියෙළ කරන්නේ " මිනිසුන් " සඳහායි. ඒ ආහාර පිළිබඳව අප විශේෂයෙන් පරික්ෂාකාරී වෙමු. දෙවනුව ආහාර පිළියෙළ වන්නේ " රටට මහබරක් වෙලා ඇති හොරුන් වෙනුවෙනි. ඒ ආහාර ගැන අප විශේෂයෙන් සොයා බැලීමක් නොකරන්නේ ඒ සතුන් ඕනෑම "ජරාවක්" කන නිසයි. ඔවුන් ජීවිත කාලයම කරන්නේ "ජරාව" හොය හොයා කෑම බව ඔබ අප හොඳින්ම දන්නා කරුණකි. සේවක මහතෙකුගේ අතපසු වීමකින් " සතුන්ට "දියයුතු ආහාර යම් කිසි ප්‍රමාණයක් මිනිසුන් වෙත සපයා ඇත. එයයි මෙහිදී සිදුවී ඇති වරද...
ඔය බඩකඩිත්තුවත් වහලා දාන්න... ජනතාවට පාන් කෑල්ලක් නැහැ. එහෙව් මිනිස්සුන්ගේ බදුමුදල්වලින් යනයන කෙනා බඩකට පුරවන් තව ඒවායේ හොඳ නරකත් කියවනවා.
දේසපාලුවන් ට කඩේ යන මාධ්‍යවේදීන් කියන අයත් රට මේ තරම් විනාශ වුන එකට වග කියන්න ඕනේ.
අයියෝ ලාබෙට කන්න ගියාම ඔහොම ලණු කන්න වෙනවා. ඕක ගෝනි ලණුවක් නේ. පාර්ලිමේන්තුවේ දෙපැත්ත බෙදිලා අදින කඹයක කෑල්ලක් නෙවෙයිනේ.
පාර්ලිමේන්තුවේ කුස්සියේ කවුරුහරි ඉන්නවා. රටට ආදරේ කරන මනුස්සයෙක්... නියමයි.