(සුජිත් හේවාජුලිගේ )
පාර්ලිමේන්තුවේ පැවැත්වීමට නියමිතව තිබූ පිරිත් පින්කමද වහාම කල් දමන්නැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා එහි නිලධාරීන්ට උපදෙස්දී ඇත.
සැලකිය යුතු වියදමක් දරා පාර්ලිමේන්තුවේ පැවැත්වීමට නියමිතව තිබූ පිරිත් පින්කම ගැන පසුගිය දිනවල සමාජයේ දැඩි කතාබහක් ඇතිවිය.
ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක ලොකු මුදලක් වැය කරමින් එවැනි කටයුතු සංවිධානය කිරීම සුදුසු නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිප දෙනෙක් පාර්ලිමේන්තුවේදී පසුගියදා පෙන්වා දුන්හ.
මෙම පිරිත් පින්කම අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් අනිද්දා (25) සහ ලබන (26) වැනිදා පැවැත්වීමට නියමිතව තිබිණ.
මේ අතර පාර්ලිමේන්තු නිලධාරීයකු මෙම පිරිත් පින්කම සඳහා නායක ස්වාමීන් වහන්සේලා පිරිසකට ආරාධනා කිරීමට පසුගිය දිනෙක උන් වහන්සේලා වැඩ සිටින විහාරස්ථානවලට ගොස් ඇති අවස්ථාවේදී එක් නායක භික්ෂූන් වහන්සේ නමක් " මේ වෙලාවේ පාර්ලිමේන්තුව ප්‍රමුඛත්වය දෙන්න ඕන මොනවටද කියලා තේරුම්ගන්න ඕන මහත්තයෝ " යනුවෙන් දැඩි කණස්සල්ලෙන් ප්‍රකාශ කර ඇතැයි දැනගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිරිතක් සඳහා ඔයතරම් මුදලක් වියදම් වෙනවද? මන්ත්‍රීලගේ පවුල් වලටත් පාර්ලිමේන්තු භෝජනාගාරයේ පිනට රසමසවුලෙන් කන්න බොන්න දෙන එකේ ඒවා නවත්තලා දාලා ආණ්ඩුවට ආවඩන අය ලවා අනවශ්‍ය සැරසිලි, බොරු සෝබන, පිරිකර, දාන මාන නැතුව රටට සෙත් පතා චාමෙට පිරිත් සජ්ජායනා කරන්න බැරිද?
මේවායින් වැඩක් වෙලා නැහැ. ස්වාමීන් වහන්සේලා තමන්ගේ යුතුකම් හරියට කළා නම්, මේ අයට එක අවවාදයක්, අදින්නාදානා සිල්පදය කඩකරපු අය පිළිකුල් කළා නම් මෙහෙම වෙන්නේ නැහැ රටට...
පින්කමක්... කරපු පව් මකාගන්න වෙන්නැති 225 ම...
මෙයාලාට මොන පිරිත්ද? ඔක්කොම අපායට යවනවා මිසක්