(සුජිත් හේවාජුලිගේ සහ අන්ජුල මහික වීරරත්න)

කොවිඩ් ආසාදිත පාර්ලිමේන්තු සේවකයෝ තවත් අටදෙනෙක් පෙරේදා (18) සිකුරාදා සොයා ගනු ලැබූහ.

මේ අනුව පාර්ලිමේන්තුවෙන් පසුගිය සති කිහිපයේදී පමණක් සොයාගෙන ඇති කොවිඩ් ආසාදිත සේවකයන් සංඛ්‍යාව සියය ඉක්මවනු ඇත.

මෙම සේවකයන් අට දෙනාට කොවිඩ් ආසාදනයවී ඇතැයි තහවුරුවී ඇත්තේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී සිකුරාදා පැවැත්වූ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකදීය.

සේවකයෝ තිස් දෙදෙනෙක් එහිදී කොවිඩ් පරීක්ෂණවලට භාජනවූහ.

මේ අතර කොවිඩ් මේ දක්වා ආසාදනය වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 54 කි.