
(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප්‍රසම්පාදන ක්‍රියා පටිපාටිය කඩ කර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සදහන් වේ.
නාගරික සංවර්ධන අධිකාරිය මෙවැනි කටයුතු සඳහා විශේෂිත ආයතනයක් නොවන බවද එම වාර්තාවේ දැක්වේ. මෙම ආරක්ෂක ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කිරීම පැවරී තිබුණේ රුපියල් කෝටි අටකට ආසන්න ඇස්තමේන්තුගත මුදලකටය.
මේ අතර එම ගොඩනැගිලි ඉදිකිරීම සඳහා බාහිර උපදේශන පාර්ශවයෙන් අවශ්‍ය උපදෙස් නිසියාකාරව ලබාගෙන නොතිබීමෙන් මූලික ඇස්තමේන්තු සියයට අසූ දෙකකින් සියයට එකසිය තිස්තුනකින් සහ සියයට 84 කින් වැඩිවී තිබූ බව වාර්තාව සඳහන් කරයි.
තවද අමාත්‍ය මණ්ඩල තීරණය අනුව ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ මිනිස් බලය යොදාගත යුතු වුවත් පින්නියර ආරක්ෂක ගොඩනැඟිල්ලේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා පෞද්ගලික කොන්ත්‍රාත් ආයතනයක දස දෙනෙකු සේවයේ යොදවා තිබූ බව වාර්තාවේ දැක්වේ.
2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
868
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2501
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
මැතිසබේ ගොඩනැගිලි හදද්දි නීතියට පයින් ගහලා