(රංජන් කටුගම්පෙළ සහ විමුක්ති එස් රුද්‍රිගු)
පළාත් පාලන මැතිවරණ කටයුතු සඳහා වෙන් කර ඇති මුදල් රඳවා තබාගැනීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහත්වරුනට අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.
ඊට අමතරව ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා රඳවා ගෙන ඇති මුදල් රඳවා තබා ගැනීම වළකාළමින් අතුරු තහනමක් නිකුත් කළේය.
සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ගොනු කළ රට් පෙත්සමක් සලකා බලමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
මැතිවරණයට වෙන් කළ මුදල් රඳවා ගැනීම වළක්වයි
Samitha Senaka Aluthgamage. Friday, 03 March 2023 03:59 PM
හරියට හරි.. තවත් කාලයකට බලයට ඒමට නොහැකි නායකයෙකු හා ඔහු වටා සිටින පිරිසකට ඕනෑ විදිහට ජනතාවගේ ඡන්ද අයිතිය සමඟ සෙල්ලම් කිරීමට ඉඩ ලබා නොදිය යුතුයි...
දාස Friday, 03 March 2023 04:15 PM
අපේ ඡන්ද අයිතිය ආරක්ෂා කළ ගරු අධිකරණයට ජනතාවගේ උත්තමාචාරය...!
Hafeel Friday, 03 March 2023 05:07 PM
මේ දක්වා රනිල්ගේ ව්‍යවස්ථා විරෝධී සියලු උත්සාහයන් අසාර්ථකයි...
අරවින්ද මොනරවිල Friday, 03 March 2023 05:40 PM
සූත්තර පුංචාගේ සියලුම යටි කූට්ටු වැඩ කුමණ්ත්‍රණ හා ගේම් අවසානයි. ලෑස්තිවෙලා හිටපල්ලා නඩය සමග ජම්පරේ ඇඳගෙන වැලිකඩට යන්න...
සමිත හිමි කුරුණෑගල Friday, 03 March 2023 05:51 PM
උසාවියට අපේ ප්‍රණාමය...!
මද්දුම බණ්ඩාර යලි උපදියි. Friday, 03 March 2023 05:57 PM
මද්දුම බණ්ඩාර යලි උපදියි. මැරෙන හැටි මම පෙන්වන්නම් කිව්වේ එදා... අද සල්ලි ගන්න හැටි මම පෙන්වන්නම් කිව්වේ 2023. කාලා වරෙව්...!
Hafeel Friday, 03 March 2023 06:21 PM
දැන් රනිලයාට කියන්න පුළුවන් "මුදල් රඳවාගන නැහැ, රඳවාගන්න මුදල් නැහැ" කියලා...
Sumith Friday, 03 March 2023 06:22 PM
දැන් තියමු ඡන්දෙ අපට ඡන්ද අයිතිය ලබා දුන් අධිකරණයට පිං...
ධනුෂ්ක Friday, 03 March 2023 08:33 PM
කෝ මෙතැන රනිල් වෙනුවෙන් වැලලෙන්න හදන අප්පුහාමිලා ටික.
ගමේ එකාලා Friday, 03 March 2023 09:28 PM
ගරු අදිකරණයට අපගේ උත්තමාචාරය පිරිනමනවා .යුක්තිය නීතිය සාදරනය ඉටුකරන යහපත් සමාජයක් බිහිවේවා .