(යොහාන් භාසුර)
රට තුළ මැතිවරණ නොපවත්වන්නේ නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් කිසිසේත් මූල්‍ය සහයෝගයක් අපේක්‍ෂා කළ නොහැකි බවත් අයවැය පරතරය පියවාගැනීමට අනිවාර්යෙන්ම අපනයන සහ ආයෝජන ඉහළ නැංවිය යුතු බවත් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (10) පැවසීය.
ලබන වසරේ රජයේ වියදම දළ වශයෙන් ආදායමට වඩා තුන් ගුණකින් වැඩි වීම නිසා එම පරතරය පියවා ගැනීමට ණය නොගන්නේ නම් එනම් විදේශ විනියම ලබාගැනීමේ ක්‍රමය සොයාගත යුතු බව කී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන වෙළෙඳපොල පිහිටි බටහිර යුරෝපයේ තීරු බදු සහනය වන ජී.එස්.පී. ප්ලස් වරප්‍රසාදය අති විශාල වාසියක් බව ද සඳහන් කළේය.
කෙසේ වෙතත් ජී.එස්.පී. ප්ලස් වරප්‍රසාදය අයිතිවාසිකම් හෝ පරිත්‍යාගයක් ලෙස නොව යම් යම් කොන්දේසිවලට යටත්ව ලැබෙන බව කියන මහාචාර්යවරයා සඳහන් කළේ ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රමිතියෙන් තහවුරු වියයුතු යන්න ප්‍රධාන කොන්දේසිය බවත්ය.
පාර්ලිමේන්තු මුදල් කාරක සභාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලයීය මට්ටමේ ගිවිසුම දත්ත අනාවරණය නොකළ ද එම දත්ත වෙනත් පුද්ගලයන් සතුව ඇති බව එවැනි තොරතුරු වෙනත් පුද්ගලයන් සතුවතිබීම ඉතාමත් භයානක මෙන්ම ශ්‍රී ලංකා භාණ්ඩාගාරයට ආදායම අහිමිවන බවත් හිටපු අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා වැඩි දුරටත් පැවසීය.
COMMENTS
රට මේ තත්වයට පත්කරපු පොහොට්ටුවේ සෙට් එකට නම් කිසිම සමාවක් නෑ...
ණය දෙන්න ඡන්ද ඕනෑ. ඡන්ද තියන්න සල්ලි ඕනෑ. සල්ලි ලැබෙන්න ණය ඕනෑ. ඒකට සල්ලි නැහැ. ඡන්දෙට සල්ලි හොයමු...!
දශක ගාණක් රටම උලාකන්න උදව් කරපු කෙනෙකු දැන් කතාකරයි. හිරිකිතම නැතුව අසව් ...අසව්.
මහාචාර්යතුමා විශ්‍රාම අරන් ගෙදර යන්න .තමුන්නැහෙත් රට අද වැටිලා තියෙන තත්වෙට වගකියන්න ඕන බව මතක තියාගන්න