
(ඩයනා උදයංගනී)
ජනතාව හමුවට ගොස් මැතිවරණ පැවැත්වීමේ හැකියාවක් නොමැති නිසා ව්‍යාජ තර්ක ඉදිරිපත් කරමින් පළාත් පාලන මැතිවරණය ද කල්දැමීමට ජනාධිපතිවරයා උත්සාහ ගන්නා බවත්, එසේ මැතිවරණ කල්දැමීමට ඉඩනොදෙන බවත් නිදහස ජනතා සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය.
මැතිවරණ කල්දැමීමට එරෙහිව පාර්ලිමේන්තුවේ දී විපක්‍ෂයක් ලෙස එක්වී කටයුතු කිරීමටත්, අධිකරණය ඉදිරියටයාමටත් කටයුතු කරන බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
පළාත් පාලන ආයතන සම්බන්ධ මැතිවරණ නීතියට වැදගත් සංශෝධන කිහිපයක් ඉදිරිපත් කරමින් ඒවායේ මන්ත්‍රී සංඛ්‍යාව වෙනස් කිරීමට හා සභාපතිට ඇති බලතල කමිටුවකට පැවරීමට පියවර ගන්නා බවට ජනාධිපතිවරයා කර ඇති ප්‍රකාශය මෙහි එකම අරමුණ මැතිවරණ කල්දැමීම බවත්, දිගින් දිගටම මැතිවරණ කල්දමමින් දේශපාලන බලය භුක්ති විඳීමට ආණ්ඩුව සැරසෙන බවත් හෙතෙම කීය
මන්ත්‍රී, මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා මේ බව පැවසුවේ කොළඹ දී අද (10) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
පළාත් සභා මැතිවරණත් දින නියමයක් නොමැතිව කල්දමමින් ජනතාවගේ සර්වජන ඡන්දබලය සම්පූර්ණයෙන් අහෝසි කළ ආණ්ඩුව දැන් පළාත් පාලන ආයතන සම්බන්ධවත් එයම කිරීමට සැරසෙන බව මන්ත්‍රීවරයා පැවසීය.
ජනතාවගේ ඡන්දයදීමේ අයිතිය රැකගැනීමට ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ කළ හැකි සියල්ල කරන බවත්, එසේ නොකළොත් කිසිම මැතිවරණයක් නැතිවිය හැකි බවත් කී ජී.එල්.පීරිස් මහතා එයට කිසිසේත් ඉඩනොදෙන බව ද කීවේය.
22 වන සංශෝධනට සහය නොදීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගෙන ඇති තීරණය අනුව රටේ තියෙන්නේ ජනාධිපතිවරයා මෙහෙයවන ආණ්ඩුවක්ද එසේත් නැතිනම් අදෘෂ්‍යමාන හස්තයක් විසින් ජනාධිපතිවරයාව මෙහෙයව ආණ්ඩුවක් ද යන ගැටලුව ඇති වන බවත්, ද්විත්ව පුරවැසියකුට ජනාධිපතිවරණයට තරඟ කළ නොහැකි බවට හා පාර්ලිමේන්තුවේ අසුන්ගත නොහැකි බවට වන සශෝධනය තිබෙන තාක් මෙම සංශෝධනය නීතිගත කළ නොහැකි බව ද ප්‍රකාශ කළේය.
එය පසුපස සිටින අදෘෂ්‍යමාන බලවේගය කවුරුන්ද යන්න සියලු දෙනා දන්නා බව ද මන්ත්‍රීවරයා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දවල්ද? හිටන් මහින්ද රාජපක්ෂව අගමැති කරපු වෙලේ මොකද කිව්වේ?
දැන් ඔය කෙරුවාවල් මදැයි... කරුණාකර බණක් භාවනාවක් කරගෙන ඉන්න. ඒ පැත්තට, මේ පැත්තට පැන්නා මදැයි.. දැන් අමාරුයිනේ... කරන මිනිහෙක් කරගනියි.
ඔයා නඩුවේ සිටිනවා නම් මැතිවරණ කල් දැම්මට කමක් නැහැ නේද?
දූෂිත රාජපක්ෂ ආණ්ඩුවේ හිටපු කාලේ හැම දේකට එහෙයි කියපු මනුස්සයා. මෙයා කල් ඉකුත්වූ මහාචාරියෙක් .මැතිවරණයක් තිබ්බත් මේ වගේ පනින රිලවුන් ජනතාව පිළගන්න එකක් නැහැ .
රටම බංකොලොත් කරන්න උල්පන්දන් දීල දැන් වයස මදි නේද පව් සමා කරගන්න . ඊලග ආත්මෙදීවත් යහපත් පුරවැසියෙක් වෙන්න බලන්න , දැන්ම බණක් භාවනාවක් පටන් ගන්න . පින් රැස් කරගන්න.
අධිකරණ තීන්දු මෙයාලට ඕන විදියට නොලැබුනොත් මොකද කරන්නේ,?
අපිට පළාත් පාලන චන්ද එපා එපා එපාමයි. පැරණි දිසාපති කොමසාරිස් පාලනයට ක්‍රමයට යමු. .
දැන් ඔයා රනිල් රාජපක්ෂ හවුලේ නොවෙයිද.?