IMG-LOGO

2024 අප්‍රේල් මස 29 වන සඳුදා


මැතිවරණ ක්‍රමය සංශෝධනයෙන් ඡන්ද කල් යන්නේ නෑ

(අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මැතිවරණ සංශෝධන පනත්‍ කෙටුම්පත් හේතුවෙන් කිසිදු මැතිවරණයක් කල් දැමීමට  අපේක්ෂා නොකරන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය  විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

1994 සිට ජනාධිපතිවරණ වලදී දූෂණයට එරෙහිවීම හා මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට පොරොන්දු ලබාදී ඇති නමුත් ඒ කිසිවක් ඉටු නොකළ බව පෙන්වාදුන් අමාත්‍යවරයා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දූෂණයට වැට බැඳීම සහ සමානුපාතික මැතිවරණ ක්‍රමයක් හඳුන්වාදීම වෙනුවෙන් මේ වනවිටත් සංශෝධන ඉදිරිපත් කර තිබෙන බවද සඳහන් කළේය.

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මේ බව සඳහන් කර සිටියේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (25) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.   

ඉදිරියේදී මැතිවරණ දෙකක් පැවැත්වෙන අතර  එහිදී ඉදිරිපත් වන ඕනෑම අපේක්ෂකයකුට මෙම මැතිවරණ සංශෝධනය ගැන ද ඔවුන්ගේ මතය ඉදිරිපත් කළ හැකි බව කී අමාත්‍යවරයා එමඟින් ජනතාවට මේ සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට ද හැකියාව ලැබෙන බව පැවසීය.



අදහස් (13)

මැතිවරණ ක්‍රමය සංශෝධනයෙන් ඡන්ද කල් යන්නේ නෑ

abeygunasekarasampath95 Monday, 25 March 2024 08:04 PM

මොකට ආවත් එකම ටීම් එකක් නිසා අවුලක් වෙන්නේ නෑ. චන්දෙ දෙන්න පුළුවන් කියලා කවුරුවත් නෑ. තුන් ගොල්ලම එක ගෘප් එකක්.. 3ට බෙදිලා... පාටවල් 3කින් පෙනී ඉන්නේ ජනතාව රවට්ටන්න.

:       10       20

පැරකුම්Monday, 25 March 2024 10:48 PM

මම නම් කියන්නෙ වැරැද්ද ජනතාව අතේ ඇයි රැවටුනෙ අවුරුදු 76ක්. දැන්වත් ඔලුවක් තියනවනම් ඒක පාවිච්චි කරල මේ සැරේවත් හරි මිනිස්සු ටිකක් තෝරල යවන්න බලන්න.

:       0       0

priyankaraMonday, 25 March 2024 11:53 PM

සුදු ඇඳගෙන කළු ඇවිදින්

:       0       0

Nimal Monday, 25 March 2024 08:41 PM

හාකෝ

:       0       0

පුර්වැසියා Monday, 25 March 2024 09:03 PM

අපි නොදන්නවායෑ කට්ටිය ගේ තරම. ඕක කල් දාන්න පුළුවන් උනා නම් නොකර ඉඳීවීයෑ ඔයාලා.

:       0       0

Chandima Monday, 25 March 2024 10:05 PM

ගෙදර යන්න ඔන්න මෙන්න තියෙද්දී සංශෝධන ගේන්නේ මොකක්ද හන්ගන් මොකෙන්ද කෙලින්නද ?

:       0       0

chandima Monday, 25 March 2024 11:00 PM

මෙයා මැරෙන්න පන අදිද්දී ගෑනියෙක් ගෙන්න යනවා

:       0       0

vishaka Monday, 25 March 2024 11:02 PM

මුන් තුනට බෙදිලා චක්ගුඩු ගහන්න යන්නේ අපිට පේන්න .මාර සංදර්ශනේ නේද ?ටිකට් එකක් කීයද ?

:       0       0

chandima Monday, 25 March 2024 11:55 PM

සියයට දහයක් වත් චන්ද නැතුව පිනට ආපු ජනාධිපති කොහොමද ආණ්ඩුක්‍රම ව්‍යස්තාවට සංශෝධන ගේන්නේ ?

:       0       0

පිටරටවැසියා Tuesday, 26 March 2024 01:07 AM

ඉතිං ඔබතුමා 1994 සිට මීට කලින් අධිකරණ ඇමති වෙලා වාර ගණනාවක් හිටිය නේද? ඇයි අමතකද රනිල් යටතේම අධිකරණ ඇමති වෙලා හිටපු වග? ඇයි එතකොට ඔය දේවල් නොකලෙ? දැන්ද නින්දෙන් ඇහැරුණේ ???

:       0       21

ප්‍රදීප් බණ්ඩාර රාජපක්ෂ Tuesday, 26 March 2024 07:00 AM

මැතිවරණ ක්‍රමය සංශෝධනය කරන්න බලාපොරොත්තුවෙන් සිටිනවා නම් ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණය එකම දිනයේ පැවැත්වීමට කටයුතු කරන්න. ඒ වගේම රටට අනවශ්‍ය පළාත් සභා හා පළාත් පාලන ආයතන මැතිවරණ එකම දිනක එකම අවස්ථාවක පවත්වන්න. පළාත් සභා මහ ඇමතිවරයා පළාතේම ජනතා ඡන්දය මත තෝරනවා නම් දැනට සිදුවන අසාධාරණ‍ය වෙන්නෙ නැහැ. ඒ තුළින් කෝටි ගණනක් ජනතා මුදල් නාස්තිය වළක්වන්න පුළුවන් වේවි. නාස්තියට අකමැති නම් එසේ කරාවි කියලා විශ්වාස කරමි.

:       0       2

අරවින්ද මොනරවිල Tuesday, 26 March 2024 11:34 AM

මැතිවරණ ක්‍රමය සංශෝධනය කරන්න හෝ වෙනයම් ආර්ථික ප්‍රතිසංස්කරණයක් කරන්නත් ජනතාවගේ ජනවරම හිමි පාලනයක් තිබිය යුතුයි. දැනට පවතින්නේ ජනවරමක් නොවෙයි කිසිම ජනමතයක් නැති කූඨ පාලනයක්. එවැනි පාලනයකට කිසිදු සාදාචාරාත්මක අයිතියක් නැහැ එවැනි දෑ කරන්න.

:       0       3

rashmika Tuesday, 26 March 2024 06:00 PM

රටේ දූෂණ ඇතිකිරීමට උල්පන්දම් මේ අසික්කිතයින් ළඟදීම මහපාරේදීම සම්බෝල වීමට නියමිතයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

මත් ජවාරමුන් වෙනුවෙන් පෙනී සිටින නීතීඥයන්ට වැඩවරදී
2024 අප්‍රේල් මස 29 82 0

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වෙනුවෙන් පෙනී සිටිමින් මිලියන ගණන් මුදල් උපයන නීතිඥයින් හෙළිදරව් කරමින් හෙට (30) සිට විශේෂ ප්‍රචාරක මෙහෙයුමක් ආරම්භ කරන බව ම


ජපන් පිඟන් සමාගමක් වියට්නාමය අතැර ලංකාවට
2024 අප්‍රේල් මස 29 146 0

ජපානයේ සුප්‍රසිද්ධ නොරිටාකේ පිඟන් භාණ්ඩ කර්මාන්ත ශාලාව වියට්නාමයේ ඔවුන්ගේ කර්මාන්ත ශාලාව වසා දමා ලංකාවේ ආයෝජනයට පැමිණ ඇතැයි ජනාධිපති පාර්ලිමේන්තු


මෛත්‍රි ජනපති කිරීම මා කළ ලොකු වරදක්
2024 අප්‍රේල් මස 29 190 0

2015 ජනාධිපතිවරණය සඳහා මෛත්‍රිපාල සිරිසේන මහතා නම් කිරීම තමා ජීවිතයේ කළ ඓතිහාසික වරදක් යයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ප


ෆවුසිට නොතිසි
2024 අප්‍රේල් මස 29 339 1

ආපදා කළමණාකරණ කටයුතු විධිමත් කිරීම සඳහා නෙදර්ලන්තයෙන් ලබාදී තිබු ලෑන්ඩ් කෲසර් රථයක් සිය පෞද්ගලික පරිහරණයට යොදා ගැනීමෙන් රජයට රුපියල් ලක්‍ෂ 10 කට අධික


අධ්‍යාපනය නංවන්න විදෙස් සරසවි සමග ගිවිසුම් හයක්
2024 අප්‍රේල් මස 29 296 1

උසස් අධ්‍යාපනික සහයෝගීතාවය වර්ධනය කිරීමේ අරමුණින් මෙරට විශ්ව විද්‍යාල සහ විදේශීය විශ්ව විද්‍යාල සහ නියෝජිතායතන අතර ගිවිසුම් හයකට එළඹීමට රජය තීරණය ක


අවුරුදු සමයේදී මහජන බැංකු‍වේ මිලියන 17කට අධික ගනුදෙනු
2024 අප්‍රේල් මස 29 20 0

මහජන බැංකුව, අප්‍රේල් මස 1 වැනිදා සිට 15 වැනිදා දක්වා වූ අලුත් අවුරුදු කාල සීමාව තුළ රුපියල් බිලියන 568කට අධික වටිනාකමකින් යුත් මිලියන 17කට අධික ගනුදෙනු සංඛ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 382 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1778 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1610 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site